‘‘ජෙරම් ආගම්වලට අපහාස කරලා‘‘ – අභියාචනාධිකරණයට දැනුම්දීමක්!
මේ වන විට අධිකරණය මග හැර සිටීන දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සිය ආගමික මතවාදයන් ප්‍රවර්ධනය කිරීම සඳහා බුද්ධාගම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසයක් සිදු කර ඇතැයි නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශවින්ද්‍ර වික්‍රම මහතා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා මේ බව දැනුම් දුන්නේ ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගොනු කොට ඇති රිට් පෙත්සම අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදීය.
මෙම රිට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා,පොලිස්පතිවරයා, රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශවින්ද්‍ර වික්‍රම මහතා කියා සිටියේ ජෙරොම් ප්‍රනාන්දු දේවගැති තැන බරපතළ වරදක් සිදුකර ඇති බවත් මීට පෙර දේවගැතිවරයා විසින් මෙවැනිම ආකාරයේ පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කර යලිත් ඉල්ලා අස්කරගෙන මෙම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කළ බවත්ය.එමඟින් පෙනී යන්නේ දේවගැතිවරයා නීතිය අවභාවිතා කරමින් සිටින බවත්ය.

2023-10-05T10:39:00+05:30
Gossip Lanka Hot News