කෝටි 4ක වංචාවක් සමඟ මහජන බැංකු දත්ත පද්ධතිය ගැන සැකයක්!
මහජන බැංකුවෙන් රුපියල් 42,055,000ක මුදලක් වංචාවෙන් ලබාගත් බව කියන විශ්‍රාමික විදුහල්පතිවරියක් රහස් පොලීසියේ මහජන පැමිණිලි විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය මහජන බැංකුව විසින් හඳුන්වා දී තිබෙන ගුරුසෙත ණය යෝජනා ක්‍රමය යටතේ මහනුවර සහ ගම්පොල යන ප්‍රදේශවල පිහිටි බැංකු ශාඛා දෙකකින් ව්‍යාජ ලේඛන සකස් කර මෙලෙස ණය ලබාගෙන ඇති බව පැවසේ.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ හිඳගල ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි විශ්‍රාමික විදුහල්පතිවරියකි.
මෙම සැකකාර විදුහල්පතිවරිය ව්‍යාජ ලේඛණ සකස් කර 26 වතාවකදී මෙම මුදල එම බැංකු ශාඛා දෙකෙන් වංචාවෙන් ලබාගෙන ඇති බව රහස් පොලිසිය පවසයි.
කෙසේවුවද, මේ වංචාව සම්බන්ධයෙන් හෙළිවීමත් සමඟ මහජන බැංකුවේ අන්තර් දත්ත පද්ධතියට පුනරුක්ති දෝෂ හඳුනා ගැනීමේ අපහසුතාවයක් ඇත්ද යන්න පිළිබඳව සැකයක් බැංකු ක්ෂේත්‍රය තුළ මතුව ඇතැයි වාර්තා වේ.
උපුටා ගැනීම : srilankamirror

2023-10-23T10:03:00+05:30
Gossip Lanka Hot News