gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෙරට ජනතාවගේ බදු මුදලින් රාජ්‍ය ඇමතිවරයෙක් මොරොක්කොවේ ලක්සරි ගමනක් යයි

”ශ්‍රී ලංකා ආර්ථිකයේ ගැලවුම්කාරයෝ” වශයෙන් තමන්ම හඳුන්වා ගන්නා පිරිසක් යළිත් වරක් ලෝක සවාරිවල යෙදීම ආරම්භ කර තිබේ.

එක් රාජ්‍ය අමාත්‍යවරයෙක් පසුගියදා නිලධාරීන් හතර දෙනකුද කැටුව මොරොක්කෝව බලා පියාසර කළේ සමුළුවකට සහභාගි වීම සඳහාය. මේ දූත පිරිස ගමන් කළේ ව්‍යාපාරික පන්තියේ ය. එසේම නැවතී සිටියේ අධි වියදම් හෝටල්වලය. මේ සඳහා මිලියන ගාණක් වියදම් කරනු ලැබුවේ මෙහි සිට රැගෙන යන ලද ශ්‍රී ලංකාවේ ජනතාවගේ බදු මුදල්ය.

මුලදී මේ දූත පිරිස මීට වඩා වැඩිවීමට නියමිතව තිබිණි. ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා සමඟ නිලධාරීන් හත් දෙනෙක් මොරොක්කෝව බලා යාමට සූදානමින් සිටියහ. කෙසේ වුවද ජනාධිපති ලේකම් කාර්යාලය එයින් තිදෙනකුට අනුමැතිය ලබාදී නැත. මේ දූත පිරිස පිළිබඳ තොරතුරු දැනගැනීමෙන් පසුව භාණ්ඩාගාරයේ හිටපු ලේකම්වරයකු ප්‍රකාශ කළේ තම ධුර කාලය තුළදී මේ රැස්වීමට යවනු ලැබුවේ ඒ හා සමාන මට්ටමේ එක් නිලධාරියකු පමණක් බවය. පිළිගත් ක්‍රමවේදය වන්නේ අයවැය සම්පාදනය කෙරෙන කාල සීමාව තුළදී භාණ්ඩාගාරයේ නිලධාරීන් රට තුළ රැඳී සිටීමය. ලබන 13 වැනිදා 2024 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
 

I සන්ඩේ ටයිම්ස්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka