gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨා පරදා රනිල්ට අති විශිෂ්ට ජයක්!

බිඳ වැටී තිබුණු ලංකාවේ ආර්ථිකය ගොඩ ගත් බවට වහසි බස් දොඩවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ අනුගාමිකයින් යටතේ ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමය මෙන් තුන් ගුණයකින් ආර්ථිකය බිඳ වැටී ඇති බව නිල සංඛ්‍යා ලේඛණවලින් හෙළි වේ.

ගෝඨාභය ජනාධිපති යටතේ 2021 තුන්වන කාර්තුවේ සිට ආර්ථික වර්ධන වේගය ඍණවීම ආරම්භ වී තිබිණි. එය මේ දක්වා ඍණ අගයක පවතින අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපති යටතේ වඩාත් බිහිසුණු තත්වයක් බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකත් කරන සතිපතා ආර්ථික දර්ශකවලින් මෙම සවිස්තර තොරතුරු ලබා ගත හැකිය.

ගෝඨාභය ජනාධිපති යටතේ ආර්ථිකය බිඳ වැටී ඇති ආකාරය මෙසේය.

2021 තුන්වන කාර්තුව ඍණ 1.5%යි. එම වසරේ හතරවන කාර්තුව ඍණ 1.8%ක් ආදී වශයෙනි. 2022 වර්ෂයේ මුල් කාර්තුවේ බිඳ වැටීම ඍණ 1.5%ක් වන අතර දෙවන කාර්තුවේදී එය ඍණ 8.4ක් වී තිබිණි. මේ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ 2021 තුන්වන කාර්තුවේ සිට 2022 දෙවන කාර්තුව දක්වා කාර්තු 4ක ආර්ථිකය බිඳ වැටීමේ සාමාන්‍ය වේගය කාර්තුවකට ඍණ 3.3%ක් වී තිබිණි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති යටතේ 2022 මැයි මාසයේදී රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය සහ මුදල් ඇමති ධුරය බාර ගත් අතර ඉන් පසු ජූලි මාසයේදී ජනාධිපති සහ මුදල් ඇමති ලෙස මේ දක්වා ක්‍රියාකරමින් ආර්ථිකය කඩා වැටීම වඩාත් තීව්‍ර වී ඇති ආකාරය මෙසේය.

2022 තුන්වන කාර්තුව ඍණ 11.8%ක්, එම වසරේ සිව්වන කාර්තුව ඍණ 12.4%ක්, 2023 වසරේ පළමු කාර්තුව ඍණ 11.5%ක් සහ දෙවන කාර්තුව ඍණ 3.1%ක් ලෙසින් වාර්තා වී තිබේ. මේ අනුව රනිල් වික්‍රමසිංහ යටතේ මෙරට ආර්ථිකය කාර්තු 4ක් තුළදී කාර්තුවක බිඳ වැටීමේ සාමාන්‍ය අගය ඍණ 9.7%ක් වී තිබේ. මෙය ගෝඨාභය පාලනය යටතේ ආර්ථිකය බිඳ වැටීමේ කාර්තුමය සාමාන්‍ය අගයට වඩා තුන් ගුණයට ආසන්න ප්‍රමාණයකින් බිඳ වැටීමකි.

මෙසේ තිබියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපය පිම්බීම වෙනුවෙන් කටයුතු කරන ඇතැම් මාධ්‍යවේදීන් සහ වෙනත් පිරිස් ආර්ථිකය ගොඩ ගෙන ඇති බවට ව්‍යාජ ප්‍රචාරය කරමින් සිටී. අද (02) දිනමිණ පුවත්පතට එස්. එම්. ලියනගේ නමින් යුතුව ලිපියක් සම්පාදනය කර ඇති පුද්ගලයෙකු “ශ්‍රී ලංකාව, ලෝකයම විමතියට පත් කරමින් වසරක් වැනි කාලයක් තුළ දෙපයින් සිටවූ රාජ්‍ය නායකයා“ ආදී වශයෙන් ප්‍රබන්ධනාත්මක ප්‍රචාර කරමින් සිටී.

උපුටා ගැනීම : lankatruth


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka