අලි ඇතුන් ඝාතනය කිරිම ආණ්ඩුව සැලසුම් සහගතව සිදු කරන ආපරාධයක් බව ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා පැවසිය.
චමිර පෙරේරා මහතා ඒ බැව් කියා සිටියේ හැටන් නගරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිණි.
මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ,
මහියංගණයේ පෙරහැරට සිවිල් ආරක්ෂකයෙක් කියා ගත්ත ජඩයෙක් වෙඩි තියනවා, පසුගිය දින 11 ඇතුලත අලි 38 දෙනෙකු මරලා තියෙනවා.
දවසට අලි හතරක් පහක් මරනවා , මේ රාජපක්ෂලා හදපු ජඩ සංස්කෘතියේ තරම , මේවා මිනිස්සු නිකම් වෙඩි තියලා නෙවෙයි මරන්නේ.
මේක ආණ්ඩුව සැලසුම් සහගතව කරන අපරාධයක්, අර සිවිල් ආරක්ෂක නිලධාරියා උම්මත්තකයෙක් නෙවෙයි , වල් අලියෙක් කියලා හිතලා වෙඩි තිබ්බේ කියලා කියනවා.
වල් අලින්ට වෙඩි තියන්න කියලා වනජිවි අනුයුක්ත කරපු සිවිල් ආරක්ෂක නිලධාරින්ට උපදෙස් ලබාදිලා තියෙනවා, මිනිස්සු වෙඩි තියන්නේ නැ , මේක සැලසුම් සහගතව වනජිවි එක සිවිල් ආරක්ෂකයෝ , ග්‍රාම ආරක්ෂකයෝ යෙදවලා ජිව තුවක්කු සහ උණ්ඩ දිලා වෙඩි තියනවා.
මේක ආණ්ඩුවේ වැඩක් , වනජිවි නිති අධ්‍යක්ෂක සහ මෙහෙයුම් අධ්‍යක්ෂක රංජන් මාරසිංහගෙන් අහන්නේ තමුන්ලාගේ අනුමැතිය ඇතිවද සතුන්ට වෙඩි තියන්නේ.
ආණ්ඩුව කියන්නේ මේක අලි ඇතුල් පෙරහැරවල් වල ගෙනියනවට විරුද්ධව පෙනි සිටින සංවිධානය සහ රාජ්‍ය නොවන සංවිධානවල කුමන්ත්‍රණයක් කියලා.
රාජපක්ෂ , වික්‍රමසිංහ , අයි.එම්.එෆ් , නන්දලාල් එකතු වෙලා මේ රට කාන්තාරයක් බවට පත් කරමින් ඉන්නවා .
පනත් සහ නිති හදනවා නම් ජනතා නියෝජිතයේ ඉන්න ඕනි , බදු ගහන්නත් ජනතා නියෝජිතයෝ ඉන්න ඕනි.
දවසින් දවස අපේ සටන ගමින් ගමට ගෙන යායුතුයි යනුවෙන් පැවසිය.
– රංජිත් රාජපක්ෂ