gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සමහර අය හිතන්නේ මේ රට හදන්න කංසයි, කසිප්පුයි විකුණන්න ඕන කියලා.... මළ විකාර - ගීතා කා ගැනද මේ කියන්නේ?

සතිඅන්ත ඉරිදා පුවත්පතකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ  කංසයි, කසිප්පුයි විකුණන්න ඕන කියන අය ගැන කතා කළාය.

ඔබ ළමා හා කන්තා බාර රාජ්‍ය ඇමැති. මේ රටේ මේ දෙගොල්ලන්ට තියෙන ප්‍රශ්න දැක්කම කාන්තාවක් හැටියට ලැජ්ජ හිතෙන්නේ නැද්ද ඔබතුමියට?

ලැජ්ජ නෑ. තිත්තයි. සමහර අය හිතන්නේ මේ රට හදන්න කංසයි, කසිප්පුයි විකුණන්න ඕන කියලා. මළ විකාර. ළමයින්ට හරියට බත් වේලක් කන්න නෑ. මේ අය කුණුහරුප කතා කරනවා.

වැඩිම කාන්තාවෝ ඉන්න රටක අඩුම තරමේ කාන්තාවන් වෙනුවෙන් කැබිනට් ඇමැතිකමක් නෑනේ. ඉන්නේ රාජ්‍ය ඇමැතිලා?

අනේ කියලා වැඩක් නෑ. අපේ පාර්ලිමේන්තුවේ කාන්තාවෝ ඉන්නවා දොළහක් දහතුනක්. ඒකෙන් ගොඩක් අය ඥාතිකම් නිසා දේශපාලනයට ආපු අය. මහන්සියෙන් ආපු අය අඩුයි. මම මහන්සියෙන් ආවේ. ඒ නිසා මම කියන්නේ මේ ගමේ ඉන්න කෙල්ලෙක්ට මේ රටේ දේශපාලනයට එන්න ඉඩක් ඕන. ඒකට ඉඩ හරිම අඩුයි. මොකක් හරි බලපෑමක් ඕන. ඉතින් මට ඕන අන්න ඒක වෙනස් කරන්න. කාන්තාවන්ට හරි තැන තවම නෑ. මොකක් හරි එකකින් කඩනවා ඒ තැන.

ඔබතුමිය ප්‍රශ්නයත් දන්නවා. උත්තරෙත් දන්නවා. දැන් කියන්න තැනක් නෑනේ?

කියන්න තැනක් නෑ. මම දැන් අලුත් දෙයක් පටන් අරන් ඉන්නේ. කට වහගෙන ඉන්නේ. මම කරගත්ත මෝඩකම ගැන බුදු අම්මෝ කියලා හිතිලා තියෙන්නේ. අපි හිතුවේ පාර්ලිමේන්තු ගිහිල්ලා මහා ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. මොනවද කරන්න පුළුවන් වුණේ. මිනිස්සුත් හරිම නරකයි. තවත් මිනිස්සුන්‍ට දෙස් තියන හැටි දැක්කම කලකිරෙනවා.

(සාකච්ඡා සටහන - ගයාන් ගාල්ලගේ / දේශය)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka