අධිකරණය හමුවේ විභාග වන නඩු කටයුත්තක් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම මත පූජ්‍ය රාජාංගනය සද්ධාරතන හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා එල්ල කරමින් ගොනු කර ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේ මෙම නියෝගය කර ඇත.
අදාළ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සද්දාරතන හිමියන් මේ වන විට ඇප මත මුදා හැර සිටී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ ජාතීන් හා ආගම් අතර වෛරය ඇතිවන ආකාරයේ ප්‍රකාශ කරමින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ ගැනෙන වරදක් හිමියන් විසින් කර ඇති බවයි.
එමෙන්ම බෞද්ධ ආගමිකයන් මුළාවට පත් කරමින් දේපල විනාශ කරන ලෙසට ඔවුන් පොලඹවන ප්‍රකාශ සිදු කර ඇති බවත් පැවසූ රහස් පොලිසිය උන්වහන්සේට මුදල් ලැබීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද කියා සිටියේය.