gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරයේ ප්‍රහේලිකාව : කවුද මේ අබු හින්ද්?

ශ්‍රී ලංකා ගාර්ඩියන් වර්තාවක සිංහල පරිවර්තනය

අබු හින්ද් යනු ඉන්දියාවේ අභ්‍යන්තර ආරක්‍ෂක සහ ප්‍රති-ඔත්තු ඒජන්සිය වන බුද්ධි කාර්යාංශය (IB) විසින් තොරතුරු රැස් කිරීමේ අරමුණ සඳහා ‘Avatar’ ලෙස පොදුවේ හඳුන්වන රහසිගත පුද්ගලයෙකු භාවිතා කරන ක්‍රියාකාරිකයෙකු හැඳින්වීමට භාවිතා කරන කේත නාමයකි. ඉන්දියාවේ RAW සහ CBI වැනි අනෙකුත් ඉන්දීය බුද්ධි අංශවල ක්‍රියාකාරකම් සාමාන්‍යයෙන් අධීක්ෂණය කරන ඉන්දියාවේ ප්‍රති-ඔත්තු ඒජන්සිය වන්නේ බුද්ධි කාර්යාංශයයි (IB).

අබු හින්ද් යනු පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන කෙරෙන සංවාදයේ එක් ආන්දෝලනාත්මක චරිතයකි. සෑම ආකාරයකින්ම, ශ්‍රී ලංකා බලධාරීන්ට පූර්ව අනතුරු ඇඟවීමක් කිරීමට අබු හින්ද් සැලකිය යුතු උත්සාහයක් ගත් අතර, පසුව එය රාජ්‍ය බුද්ධි සේවාව විසින් අනෙකුත් වගකිව යුතු පාර්ශ්ව වෙතද ලිඛිතව සහ වාචිකව දන්වන ලදී.

කනගාටුවට කරුණක් නම්, ඇතැම් කණ්ඩායම් පාස්කු සිද්ධිය බුද්ධි අංශ වෙත චෝදනා කිරීම සඳහා භාවිතා කරති. කෙසේ වෙතත්, සත්‍ය සාක්ෂි සහ ලිඛිත ලේඛන වලින් එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන අතර බුද්ධි අංශ වෙත දෝෂාරෝපණය කිරීම සඳහා අපරාධ විමර්ශකයින් මෙම ප්‍රහාරයේ ඇතැම් කරුණු සූක්‍ෂම ලෙස මෙහෙයවා ඇති බව පෙනේ. නිල ආයතන සහ වෙනත් උනන්දුවක් දක්වන පාර්ශ්වයන් ඔවුන්ගේ ස්ථාවරය නැවත සලකා බැලිය යුතු නොවේද? අබු හින්ද්ගේ ක්‍රියා පටිපාටිය පිළිබඳ කෙටි විස්තරයක් ඉදිරිපත් කිරීම මෙහිදී වැදගත් වන්නේ ඒ නිසාය.

අබු හින්ද් යනු ඉන්දියාවේ අභ්‍යන්තර ආරක්‍ෂක සහ ප්‍රති-ඔත්තු ඒජන්සිය වන බුද්ධි කාර්යාංශය (IB) විසින් තොරතුරු රැස් කිරීමේ අරමුණ සඳහා ‘Avatar’ ලෙස පොදුවේ හඳුන්වන රහසිගත පුද්ගලයෙකු භාවිතා කරන ක්‍රියාකාරිකයෙකු හැඳින්වීමට භාවිතා කරන කේත නාමයකි. මෙම ක්‍රියාකාරී තාක්‍ෂණය භාවිතා කළ බුද්ධි අංශය අධීක්‍ෂණය කරන තාක්ෂණික අධ්‍යක්ෂවරයා අවතාර් මෙහෙයුම භාරව සිටි පුද්ගලයාගේ ප්‍රධානියා වේ. එනම්, අබු හින්ද් යනු කල්පිත වස්තුවක් හෝ මායාවක් නොවේ. එය සතුරු කණ්ඩයාම් වලට රිංගා ගැනීමට සහ තීරණාත්මක බුද්ධි තොරතුරු රැස් කිරීමට ලොව පුරා බුද්ධි අංශ විසින් භාවිතා කරන සාමන්‍යය එහෙත් භාරදූර වගකීමක් ඇති අවධානම් සහගත උපක්‍රමයකි.


සහරාන්ගේ බිරිඳ හාදියා අත්අඩංගුවට ගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ 20 කට අධික සංඛ්‍යාවක් සටහන් කරගෙන ඇත. කෙසේ වෙතත්, අබු හින්ද් නම් කිසිවකු ගැන සඳහන් කර නැතත් සහරාන් හෂීම් හින්දි ඉන්දියාව ලෙස හඳුන්වන පුද්ගලයෙකු සමඟ සන්නිවේදනය කර ඇති බව ප්‍රකාශ කර ඇත. එසේම ඇයගේ මුල් ප්‍රකාශ කිසිවක මෙහෙයුමක් කඩිනම් කරන ලෙස අබු හින්ද් උපදෙස් දුන් බවක් සඳහන් වන්නේ නැත.

එසේ වුවද, හාදියා පසුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන කොමිසම හමුවේ සාක්ෂි දුන් අතර අබු හින්ද් සහ මෙහෙයුම් වේගවත් කිරීමක් ගැන සඳහන් කර ඇත. ජනාධිපති විමර්ශන කොමිසමේදී අබු හින්ද් ගැන ඇය සිදුකළ ප්‍රකාශයේ වැදගත් කොටසක් මෙහිදී උපුටා දැක්වීම වැදගත් වේ.


ප්‍රශ්නය: සහරාන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ අබු හින්ද් සහ නවුෆර් මවුලවි සමඟ සම්බන්ධකම් පැවැත්වූ අබු හින්ද් එකම පුද්ගලයාද?

පිළිතුර: ඔව්, ඔවුන් එකම පුද්ගලයා.

ප්‍රශ්නය: අබු හින්ද් විසින් පිපිරුම් වීඩියෝ පටය ඉල්ලා සිටියේ ඇයි?

පිළිතුර: සිරියාවේ නායකයා වන අබු බකර් අල්-බැග්දාදි කියලා එයට යවන්න ඕන කියලා තමයි එයා ඉකමනට එවන්න කියලා තිබුණේ?

ප්‍ර: ඒ අනුව ෂෙයිනි ඒක හැදුවද?

පිළිතුර: ඒක එඩිට් කරලා ෂෙයිනි රිල්වාන්ට එවලා තිබුණා. රිල්වාන් තමයි අබු හින්ද්ට ඒක සෙන්ට් කළේ.

සහරාන් සහ ඔහුගේ සෙසු මරාගෙන මැරෙන බෝම්බකරුවන් රඟපෑ වීඩියෝව, අබු හින්ද් විසින් ඉතා සූක්ෂම ලෙස සම්බන්ධිත ටෙලිග්‍රාම් නාලිකා හරහා හිතාමතාම ප්‍රචාරය කොට ඉතිරි වී සිටි අයවලුන්ගේ විශ්වාසය දිනා ගැනීමට කටයුතු කළ බව කෙනෙකුට අවිවාදයෙන් අනුමාන කළ හැකිය. එනම් එය විනාශකාරී ප්‍රහාරයෙන් පසුව ඉතිරිව සිටින පාර්ශ්වකරුවන් අතර නොසැලෙන විශ්වාසය සහ බාධාවකින් තොර සන්නිවේදනය අඛණ්ඩව පවත්වා ගැනීමේ අරමුණින්, ඉතාමත් නිරවද්‍ය අනුගමනය කළ උපාය මාර්ගික උපාමාරුවකි.


කෙසේ වෙතත්, අවසානයේදී, එම වීඩියෝව සහ සේයාරූ අයිඑස් සංවිධානයේ නිල මාධ්‍යය ජාලා වලට ලබාදෙනු ලැබුවේ ‘පොඩි සහරාන්’ ලෙස පොදුවේ හැඳින්වෙන ෆස්රුල් රහ්මාන් මොහොමඩ් සහරාන් හෙවත් අබු හුදයියාය.

– මූලාශ‍්‍රය මෙතනින්…


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka