gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මත් වෙන්න අධි මාත්‍රාවෙන් වේදනා නාෂක ගත් දරුවන් රැසකට වලිප්පුවේ රෝගලක්ෂණ: රෝහල් සේවකයන් රැසකුත් අධි මාත්‍රාවෙන් වේදනා නාෂක භාවිතයට යොමු වෙලා!

මත් වීමේ අරමුණින් කාලයක් පුරා ප්‍රබල වේදනා නාශක අධි මාත්‍රාවෙන් ගැනීම හේතුවෙන් වලිප්පුව හා අපස්මාර රෝග ලක්ෂණ මතුවන පාසල් සිසුන් රෝහල්ගත වීමේ ප්‍රවණතාවය වැඩිවෙමින් ඇති බව මහනුවර ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය ගිහාන් අබේවර්ධන මහතා පවසනවා.

වෛද්‍යවරයා මේ බව සඳහන් කළේ, අමධ්‍යප දිනයට සමගාමීව 'මත් උවදුරින් රට බේරා ගනිමු' යන තේමාව යටතේ ඊයේ  (03) මහනුවර ශ්‍රී පුෂ්පාදන සමිති ශාලාවේ පැවැත්වූ වැඩසටහනක දී යි.

එහි දී වෛද්‍යවරයා හෙළිදරව් කළේ, රෝග ලක්ෂණ මතුවූ විට වලිප්පුව හෝ අපස්මාරය විය යැකි බවට දෙමව්පියන් උපකල්පනය කළත්, ඊට හේතුව මත්වීමේ අරමුණින් වේදනා නාශක පෙති අඛණ්ඩ ව ලබා ගැනීම බවයි.

මේ වන විට වාර්තා වී තිබෙන දත්තවලට අනුව හෙරෝයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි ලක්ෂයක පමණ පිරිසක් මෙරට සිටින බව කී වෛද්‍යවරයා හෙරෝයින් ලබා ගැනීමට නොහැකි වූ විට ඒ වෙනුවට ප්‍රබල වේදනා නාශක භාවිත කිරීමට තරුණ තරුණයින් පෙළඹී සිටින බවත්, සිසේරියන් සැත්කමකට ලක් වූ මවකට ලබා දෙන ප්‍රමාණයකට වඩා පස් ගුණයකින් වැඩි වේදනා නාශක මාත්‍රාවක් දෛනිකව ලබා ගන්නා පාසල් සිසුන් ද වාර්තා වන බවත් එහි දී පැවසුවා.

මීට වසර කිහිපයකට පෙර මාතලේ දිස්ත්‍රික්කයේ අවුරුද 13- 18 අතර පාසල් සිසුන් සම්බන්ධ කර ගනිමින් කළ පරීක්ෂණයක දී සිසුන් අතරින් 28%ක් කුමන හෝ මත්ද්‍රව්‍යක් භාවිත කර තිබෙන බව අනාවරණය වූ බවත් එම 28% අතරින් 69% ක් ප්‍රතිකාර ගත යුතු මට්ටමක පසු වූ බවත්

අනාවරණය වී තිබෙන බව වෛද්‍යවරයා එහි දී සඳහන් කළා.

මේ අතර මත්ද්‍රව්‍ය ලබා ගන්නා පිරිස අතරින් 6000ක් පමණ මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීමට පෙළඹී සිටින බව පැවසූ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, එවැනි අනාරක්ෂිත තත්ත්ව තුළ ඒඩ්ස්, හෙපටයිටීස් වැනි රෝග ව්‍යාප්තවීමේ අවධානමක් පවා මතුවිය හැකි බවයි.

තව ද රෝහල් පරිපාලනයට ගැටලුවක් වන මට්ටමට ඇතැම් රෝහල් සේවකියින් වේදනා නාශක හා සිහිනැති කිරීමට භාවිත කරන ඖෂධ ලබා ගැනීමට පුරුදු වී සිටින බවත් වෛද්‍යවරයා එහි දී සඳහන් කළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka