විදේශ ගමන් තහනමක් පනවා තිබූ සැකකරුවකුගේ විදේශ ගමන් තහනම ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කර, ඒ ලිපිය ෆැක්ස් මඟින් ආගමන විගමන පාලක ජනරාල්වරයාට යොමු කළ බවට සැකපිට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ඊයේ (13) සන්ධ්‍යාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ චෝදනා 7ක් සම්බන්ධයෙන් පැවති නඩුවකට දඬුවම් නියම කළ සැකකරුවකුට නිකුත් කර තිබූ විදේශ ගමන් තහනම ඉවත් කර ඇති බවට සැකකාර රෙජිස්ට්‍රාර්වරිය ආගමන විගමන පාලක ජනරාල්වරයාට මේ ව්‍යාජ ලිපිය නිකුත් කර ඇති බව සඳහන්ය. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනයකින් අනතුරුව ඇය අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධියට අදාළ විමර්ශන ගොනුව අස්ථානගත වී ඇති බවට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලැබුණු අස්ථානගත වූ නඩු ගොනුවක් සම්බන්ධ පැමිණිල්ලක් අනුව කළ විමර්ශනයට අනුව සැකකාර රෙජිස්ට්‍රාර්වරිය අත්අඩංගුවට ගෙන ඇත.
මේ ව්‍යාජ ලිපිය යතුරුලියනය කළ නිලධාරිනියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (13) දීර්ඝ ලෙස ප්‍රශ්න කළේය. තමාට රෙජිස්ට්‍රාර්වරියගෙන් ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත යැවීමට අදාළ කෙටුම්පත යතුරුලියනය සඳහා ලැබුණු බවත්, නඩු ගොනුව නොලැබුණු බවත් ලිපිය යතුරුලියනය කළ නිලධාරිනිය සිය සාක්ෂිය මඟින් ප්‍රකාශ කර ඇත. එමෙන්ම නඩු ගොනු රඳවා තබන ස්ථානයේ සේවයේ නිරත නිලධාරීන් පිරිසකගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ගෙන තිබේ. සිදු කළ මූලික විමර්ශනයෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සදහා රෙජිස්ටර්වරිය අත්අඩංගුවට ගනු ලැබු අතර, විමර්ශනයෙන් අනතුරුව අධිකරණයට ඇයව ඉදිරිපත් කිරීමට නියමිතය.

- දිනමිණ