කරටි කැඩෙන්නට ගසා අධිවේගයේ පැමිණ කඩවත දී පිටවීමේ බාධකත් කුඩු කරන් ගිය මධුමාධව අත්අඩංගුවට!
අධික ලෙස බීමත්ව මාතර දෙස සිට අධිවේගී මාර්ගයේ නීති විරෝධි ලෙස රිය ධාවනය කළ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රමුඛතම ක්‍රියාකාරිකයෙක් වූ මධු මාධව අරවින්ද අද කඩවත පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
වාර්තාවන පරිදි සුඛෝපභෝගී රථයකින් පැමිණි තට්ට හිසක් සහිත බීමත් පුද්ගලයෙක් අධිවේගී මාර්ගයේ කවඩවත පිටවීමේ දී මාර්ග බාධක කඩාගෙන වේගයනේ ඉදිරියට ධාවනය කර ඇත. දැනගන්නට ඇති පරිදි මෙම සිද්ධිය සිදුවන්නේ අද (16) දහවල් 12.10ට පමණය.
වහාම ක්‍රියාත්මක වූ අධිවේගී මාර්ග පොලිසිය මෙම රථය නවත්වාගෙන බැලූ විට පෙනි ගොස් ඇත්තේ කෙළින් කටින් ඉන්නට බැරි තරමට බීමත් වී රියදුරු අසුනේ සිටිනා මධුමාධව අරවින්දය .
පසුව ඔහුව අත්අඩංගුවට ගෙන කඩවත පොලිසියට රැගෙන ගොස් ඇතැයි දැනගන්නට තිබේ.
අධිවේගී මාර්ග ප්‍රවේශයේ දී බීමත් මධුමාධව කළ අනතුර සම්බන්ධව දැනගැනීමට මධුමාධවගේ පාර්ශවය මෙන්ම පොලිසිය ද සම්බන්ධ කරගැනීමට කළ උත්සාහය ව්‍යර්ථ විය.
කරටි කැඩෙන්නට ගසා අධිවේගයේ පැමිණ කඩවත දී පිටවීමේ බාධකත් කුඩු කරන් ගිය මධුමාධව අත්අඩංගුවට!
2023-10-16T16:27:00+05:30
Gossip Lanka Hot News






