gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාතාල මර්ධනය කිරීමට කැප වුන අයි.පී පාතාල වෙඩි පහරකට ලක් වී මි යයි!

ඊයේ (10)  සවස  රත්ගමදී සිදුවූ වෙඩි තැබීමකින් හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු මිය ගොස් ඔහුගේ සහෝදරයෙකු බරපතල  තුවාල ලබා රෝහහල්ගත කර ඇති බව  පොලීසිය පවසයි. මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්වී ඇත්තේ ඩී බාල්න්ද්‍ර සීහ  නැමැති හිටපු  පොලිස් පරීක්ෂකවරයෙකි. මෙම පොලිස් පරීක්ෂකවරයා  පාතාලය මර්ධනය කිරීම සඳහා විශාල කැප කිරීමක් කළ නිලධාරයෙක් බව පැවසේ.

දැනට බන්ධනාගාරගතව සිටින පොඩි ලැසී සහ ඩුබායිවල සිටින කරන්දෙණියේ සුද්දා හෙවත්  ජයලත් සුද්දාගේ කල්ලිය මර්ධනය කීරීම සඳහා මෙම නිලධාරියා ඍජුව කටයුතු කර තිබේ.

කරන්දෙණියේ සුද්දා හෙවත් ජයලත් සුද්දා යනු කරන්දෙණිය දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරයෙක් වූ ප්‍රියංක ප්‍රසාද් ජයසිංහ හෙවත් හිඳ හොඳ දොස්තර ඝාතනය කළ ඝාතකයාය.

සුද්දා හිත හොඳ දොස්තරට  වෙඩි තබා මරා දමන්නේ 2011 වසරේ සැත්තැම්බර් 29 වෙනිදාය. ඒ හිතහොඳ දොස්තරගේ පුද්ගලික බෙහෙත් සාප්පුවට වැඩි වශයෙන් රෝගීන් ඇදී එන්නට වූ බැවිනි.

මේ වනවිට මෙම ඝාතනය සම්බන්ධව වැඩිදුර සැකයක් එල්ල වන්නේ කරන්දෙණිය සුද්දා වෙතය. ඒ පොඩි ලැසී බන්ධනාගාරගතව සිටින බැවිනි.

රත්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka