gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගාසා තීරයේ බලය අල්ලන්න ඊශ්‍රායල හමුදාවට නියෝග දෙයි

ගාසා තීරයේ බලය සම්පූර්ණයෙන් අල්ලා ගැනීමට ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍ය යෝව් ගාලන්ට් එරට හමුදාවට නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඊශ්‍රායල හමුදාව ගාසා තීරය වෙත අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාර හමුවේ මේ වනවිට ගාසා තීරයේ සිටි පුද්ගලයින් 511 දෙනෙකු මියගොස් 2,750 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මේ අතර හමාස් සංවිධානය පවසන්නේ ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාර හමුවේ සිය ප්‍රාණ ඇපයෙහි සිටි ඊශ්‍රායල වැසියන් සිව්දෙනෙකු මිය ගිය බවයි.

ඔවුන් රඳවා ගෙන සිටි හමාස් සටන්කාමීන් පිරිසක් ද එම ප්‍රහාර හමුවේ මියගොස් ඇතැයි සඳහන්.

හමාස් සටන්කාමීන් විසින් පැහැරගෙන ගොස් ප්‍රාණ ඇපයෙහි රඳවා සිටින ඊශ්‍රායල වැසියන් සංඛ්‍යාව කොපමණ ද යන්න මෙතෙක් නිශ්චිතව වාර්තා වන්නේ නැහැ.

එහෙත් විශාල පිරිසක් එලෙස ප්‍රාණ ඇපයට රැගෙන ගොස් ඇතැයි ඊශ්‍රායල හමුදාව පවසනවා.

මේ අතර ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ආහාර, ජලය, විදුලිය සහ ඉන්ධන සැපයීම සම්පූර්ණයෙන් අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ගාසා තීරයේ සිටින හමාස් සටන්කාමීන් මෙන්ම පලස්තීනයේ සිටින හිස්බුල්ලා කණ්ඩායම් ද ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ජෙරුසෙලම ප්‍රදේශයෙන් ද ප්‍රහාර එල්ල වන හඬ ඇසුනු බව පැවසුනත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු කර නැහැ.

කෙසේවෙතත් ජෙරුසලම ඇතුළු ඊශ්‍රායලයේ ප්‍රධාන නගර රැසකම සයිරන් නලා හඬ ඇසෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka