ශ්‍රී ලංකන් ගුවන් යානා 02කට කටුනායකට සහ මත්තලට එන්න බැරි වෙයි… ඉන්දියාවට ගොඩ බස්වයි!
ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යනා දෙකක් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ ත්‍රිවැන්ද්‍රම් ගුවන්තොටුපළට ගොඩබස්වා තිබේ.
මෙලෙස ඉන්දියාවට ගොඩබස්වා ඇත්තේ, ජකර්තා සිට කොළඹ බලා පැමිණි UL 365 දරණ ගුවන් යානය සහ මාලදිවයිනේ සිට කොළඹ බලා පැමිණි UL 116 දරණ ගුවන් යානයයි.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම ගුවන්යානා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට සහ මත්තල ගුවන්තොටුපළට ගොඩබැස්වීමට නොහැකිවීම හේතුවෙන් ඉන්දියාවේ ත්‍රිවන්ද්‍රම් ගුවන්තොටුපළට ගොඩබස්වා ඇත. – දෙරණ
ශ්‍රී ලංකන් ගුවන් යානා 02කට කටුනායකට සහ මත්තලට එන්න බැරි වෙයි… ඉන්දියාවට ගොඩ බස්වයි!
2023-10-31T07:18:00+05:30
Gossip Lanka Hot News






