gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මුළු ලොවම කම්පා කරමින් ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් – 500ක් එතනම මිය යයි

ගාසා තීරයේ අල් ආහිල් රෝහලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීන සිවිල් වැසියෝ 500 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් සිය ගණනක් තුවාල ලැබූ බව පැවැසෙයි.

ඊශ්‍රායල ගුවන් හමුදාව දිගින් දිගටම එල්ල කරන ගුවන් ප්‍රහාර හමුවේ පලස්තීන සිවිල් වැසියන් ආරක්ෂා වී රැදී සිට ඇත්තේ මෙම අල් ආහිල් රෝහලේ බව ද පැවැසෙයි.

ඊට අමතරව, එක්සත් ජාතීන්ගේ ආධාර මත ගාසා තීරයේ ඉදි කර තිබුණු පාසල් සංකීර්ණයක් ද ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් විනාශ විය.

අද (18) ඊශ්‍රායලයට පැමිණෙන්න සූදානමින් සිටින ඇමෙරිකන් ජනාපධිති ජෝ බයිඩන්, රෝහලට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් දුරකතන මාර්ගයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සමඟ සාකච්ඡා පැවැත්වීය.

ගාසා තීරයේ අල් ආහිල් රෝහලට තමන් පහර නොදුන් බවත්, රෝහලට පහර දුන්නේ හමාස් සටන්කාමීන් බවත් ඊශ්‍රායලය පවසා තිබේ.

ඊශ්‍රායලය වැඩි දුරටත් පවසා ඇත්තේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් යැවූ මිසයිලයක් මඟ වැරදී රෝහලට එල්ල වුණු බවය.

කෙසේ නමුත් අල් ආහිල රෝහලට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් දිගින් දිගටම දොස් අහන්න සිදුවී ඇත්තේ ඊශ්‍රායලයටය. රෝහලට එල්ල වුණු ප්‍රහාරයෙන් මියගිය පලස්තීන වැසියන් ගණන 500 කි. කුඩා දරුවන් බොහෝ දෙනකු ද මියගිය පිරිස අතරේ සිටින බව පැවැසෙයි.

හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමේ අරමුණින් ඊශ්‍රායලය සටන් ආරම්භ කළත්, පලස්තීන සිවිල් වැසියන් මරණයට පත්වීම සහ තුවාල ලැබීම සම්බන්ධයෙන් ඊශ්‍රායලයට දෝෂාරෝපණ එල්ල වෙමින් පවතී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka