ඊශ්‍රායලයේ දී අතුරුදන් වූ අනුලා මිය යයි - දින දෙකකින් දේහය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට (VIDEO)
පසුගියදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව අතුරුදන් වූ ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචි අනුලා නම් ශ්‍රී ලාංකික කාන්තාව මියගොස් ඇති බව ඊශ්‍රායල් බලධාරීන් සදහන් කරයි.
එම ශ්‍රී ලාංකික කාන්තාව හමාස් සටන් කරුවන් අතින් ඝාතනය වී ඇති බවට ඊශ්‍රායල් බලධාරීන් විසින් තහවුරු කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කරයි.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කළේ, මියගොස් ඇති ලාංකික කාන්තාවගේ සිරුර දින දෙකක් තුළ තානාපති කාර්යාලය වෙත ලැබීමට නියමිත බවත් අනතුරුව පවුලේ සාමාජිකයන් වෙත එවීමට පියවර ගන්නා බවයි.
ඊශ්‍රායලයේ දී අතුරුදන් වූ අනුලා මිය යයි - දින දෙකකින් දේහය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට (VIDEO)
2023-10-18T08:04:00+05:30
Gossip Lanka Hot News






