ගණේමුල්ල සංජීවගේ “ඉමා” STF අත්අඩංගුවට : වෙඩි තැබීම් කිහිපයකට ගිනිඅවි ප්‍රවාහනය කළ බවට තොරතුරු!
කුප්‍රකට පාතාල කල්ලි නායක, ගණේමුල්ල සංජීව නමැත්තාගේ ගෝලයෙකු වන ඩුබායි හි සැඟව සිටින කළණ නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වු තරුණියක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාරිය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 490ක් ද සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
“ඉමා” නමැති එම කාන්තාව වත්තල ප්‍රදේශයේ පදිංචිකාරියක්.
සැකකාරිය විසින් දුනුමාල ප්‍රදේශයේ සහ මීගමුවේ දී වෙඩිතැබීම්වලට අදාළ ගිනිඅවි ප්‍රවාහනය කර ඇති බවට ද මෙහිදි තොරතුරු අනාවරණය වී තිබෙනවා.
විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (04) රාගම පොලිස් වසමේ, කුරුකුලාව, රාගම ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇති අතර එහිදියි වත්තල, එඩේරමුල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි “ඉමා” නමැති අනුවර්ථ නාමයෙන් හඳුන්වන ලබන මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකාරියව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාරිය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 490ක් ද සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
“ඉමා” නමැති එම කාන්තාව වත්තල ප්‍රදේශයේ පදිංචිකාරියක්.
සැකකාරිය විසින් දුනුමාල ප්‍රදේශයේ සහ මීගමුවේ දී වෙඩිතැබීම්වලට අදාළ ගිනිඅවි ප්‍රවාහනය කර ඇති බවට ද මෙහිදි තොරතුරු අනාවරණය වී තිබෙනවා.
විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (04) රාගම පොලිස් වසමේ, කුරුකුලාව, රාගම ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇති අතර එහිදියි වත්තල, එඩේරමුල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි “ඉමා” නමැති අනුවර්ථ නාමයෙන් හඳුන්වන ලබන මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකාරියව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
ගණේමුල්ල සංජීවගේ “ඉමා” STF අත්අඩංගුවට : වෙඩි තැබීම් කිහිපයකට ගිනිඅවි ප්‍රවාහනය කළ බවට තොරතුරු!
2023-10-05T13:30:00+05:30
Gossip Lanka Hot News