gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෝටි 400ක වාහන මගඩි පරීක්ෂණ ඇනහිටී – දේශපාලනඥයන්ගේ සහ බලවතුන්ගේ බලපෑම්!

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් රුපියල් කෝටි 400 කට අධික වටිනාකමෙන් යුත් අධි සුඛෝපභෝගී වාහන 432ක් සඳහා ව්‍යාජ ලිපි ලේඛන සකස් කර ඒවා ලියාපදිංචි කිරීමේ මහා පරිමාණ ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන අඩපණ වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ප්‍රබල දේශපාලනඥයන්, උසස් පොලිස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරිකයන් ඇතුළු බලවත් පුද්ගලයන් රැසක් මෙම මහා ජාවාරම පිටුපස සිටින බව මුලින්ම අනාවණය කරගෙන තිබුණේ පානදුර වලාන දූෂණ මර්දන බළකාය විසින්ය.

ඒ ආකාරයට ව්‍යාජ දන්ත යොදා ලියාපදිංචි කළ අති සුඛෝපභෝගී ජීප් රථ සහ වෑන් රථ 50 කට අධික ප්‍රමාණයක් පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මගින් පසුගිය කාලසීමාවේදී අත්අඩංගුවට ගන්නා ලදී.

එම විමර්ශනය ඉතාම සාර්ථකව ක්‍රියාත්මක කරගෙන යද්දී පොලිස්පතිවරයාගේ නියෝග මත එම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබිණි.

මේ අතර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂවරයා ද මාරුකර යැවීමට පොලිස්පතිවරයා කටයුතු කළේය.

මාසයකට ආසන්න කාලයක් තිස්සේ මෙම මහා පරිමාණ වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පැවැත්වුව ද එසේ කූට ලේඛන යොදා සකස් කළ එකම වාහනයක් හෝ අත්අඩංගුවට ගැනීමට ඔවුන් කටයුතු කර නැති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

රටේ බදු ආදායමට විශාල අලාභයක් සිදුකරමින් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරගෙන ගිය මෙම මහා වංචාව පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඊට සම්බන්ධ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ නීතිගරුක නිලධාරීහු දැඩි කලකිරීමට පත්ව සිටිති.

මෙම මහා පරිමාණ වංචාව මෙහෙයවූ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක කණ්ඩායම මෙන්ම එසේ ව්‍යාජ වාර්තා සකස් කර ලියාපදිංචි කළ සියලුම වාහන පිළිබඳ තොරතුරු වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය වෙත ලැබී තිබුණ ද එම විමර්ශනය දිගටම කරගෙන යෑමට එම බළකායට හැකි වී නැත.

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නීතිගරුක නිලධාරීන් පවසන්නේ මෙම ජාවාරම පිටුපස සිටින ප්‍රබල දේශපාලනඥයන් සහ ප්‍රභූන්ගේ බලපෑම එල්ලවීම නිසා මෙම විමර්ශනය වලාන දූෂණ මර්දන බළකායේ නිලධාරීන්ට කරගෙන යෑමට නොහැකි වූ බවයි.

මෙම ජාවාරම මෙහෙයවූ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මහ මොළකරු සතු ජීප් රථයක් ද වලාන දූෂණ මර්දන බළකාය මගින් අත්අඩංගුවට ගත්ත ද එම සැකකරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ විවිධ බලපෑම් එම බළකාය වෙත එල්ලවිම නිසා යැයි සඳහන්ය.


හේමන්ත රන්දුණු – Divaina


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka