gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරයේ නඩු විභාගය දිනපතා ඇසීම ඇරඹෙයි! ‌ෂැංග්‍රිලා හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනිය ගත් ෆොටෝ එකක සහරාන් ඉඳලා!

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සිදු වූ දිනයේදී ෂැංග්‍රිලා හෝටලයේදී ලබා ගත් ඡායාරූපයක තමා පිටුපසින් සහරාන් නමින් හඳුන්වන තැනැත්තා සිටි බව එම හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනියක වන නිශංකා හංසමාලී ඇන්තනී මහත්මිය කොළඹ මහාධිකරණයේදී ඊයේ (10) පැවසුවාය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධයෙන් විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ විභාගය කොළඹ මහාධිකරණයේදී ඊයේ (10) ආරම්භ වූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දෙමින් ඇය මේ බව සඳහන් කළාය.
 
දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන ත්‍රිපුද්ගල කොළඹ මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ නඩු විභාගය පැවැත්වේ.

2019 වසරේ පාස්කු ඉරු දින කොළඹ, මීගමුව සහ මඩකලපුව ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල කෙරුනු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනකුට අධිචෝදනා ගොනු කර තිබේ.
 
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23,270 ක් යටතේ 2021 වසරේ අගෝස්තු 10දා නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 25 දෙනකුට එරෙහිව අධිචෝදනා භාර දෙන ලද අතර, නඩුවේ 17 වැනි විත්තිකරු ලෙස නම් කර සිටි යාසීර් බාබා අබ්දුල් රවුෆ් මිය ගොස් ඇති බව පසුව අනාවරණය විය.
 
දීර්ඝ පූර්ව නඩු විභාගයෙන් අනතුරුව පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම ඊයේ (10දා) ආරම්භ විය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය පැමිණිල්ලේ දේශනය කරමින් චෝදනා පත්‍ර සිංහල භාෂාවෙන් ඉදිරිපත් කොට ඇති විත්තිකරුවන්ට එහි දමිළ පරිවර්තන ද ඉංග්‍රීසි භාෂාවෙන් චෝදනා පත්‍ර ඉල්ලා සිටි මොහොමඩ් අක්‍රම් අහක්කම් නමැති විත්තිකරුට එයට අතිරේකව දෙමළ භාෂාවෙන් ද චෝදනා පත්‍ර දුන් බව කියා සිටියාය.
 
ජනාධිපති නීතිඥ හරිප්‍රියා ජයසුන්දර මහත්මියගේ මෙහෙයවීම යටතේ ෂැංග්‍රිලා හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනියක වන නිශංකා හංසමාලී ඇන්තනි මහත්මිය (අවු:33) සාක්ෂි දුන්නාය.

2017 වසරේ සිට 2020 දක්වා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනියක ලෙස හා එහි ආහාරපාන අංශයේ සේවය කළ බව ඇය පැවසුවාය. 2019 වසරේ අප්‍රේල් 21දා පාස්කු දිනය නිමිත්තෙන් හෝටලයේ අමුත්තන් සඳහා ඊස්ටර් බ්‍රස්ට් නමින් විශේෂ දිවා භෝජනයක් පැවැත් වූ බවත් එවැනි විශේෂ වැඩසටහන් පැවැත්වෙන දිනවල කාන්තා සේවිකාවන් සඳහා පෙර දින ආයතනයේ නවාතැන් ලැබෙන බවත් කීවාය. ඒ අනුව තමාද එදින නැවතී උදෑසන 6.00 වන විට සේවයට වාර්තා කළ බව කීවාය.
 
එදින උදෑසන තමා සේවය කළ කොටසට හෝටලයේ නැවති සිටි විදේශීය අමුත්තන් 50ක් පමණ ද එයට අමතරව දේශීය අමුත්තන්ද ආහාර ගැනීමට පැමිණ සිටි බව කීවාය. පෙ.ව. 10.15ට පමණ අවන්හලේ එක් කොටසක බෝම්බ පිපිරීමක් සිදුවූ බවත් ඒ සමඟ දුමාරයකින් හෝටලය වැසී ගිය අතර, විදුලි පහන් නිවී අඳුරු ස්වභාවයක් ගත් බව කීවාය. තමන් අවන්හලේ මුහුද දෙසට වූ බාර් එක දෙසට ඇවිද යන අතර, එම ස්ථානයේ ද නැවත පිපිරීමක් සිදුවූ බව කීවාය. ඉන්පසු තමන් සාමාන්‍යයෙන් භාවිතා කරන දොරටුව වෙනු‍වට සේවකයන් භාවිත කරන දොරටුවෙන් චීන ජාතික අමුත්තන් පිරිසක්ද සමඟ පිටවූ බව කීවාය.
 
පහළ මහලට පැමිණි විට එහි ලොබියේ ප්‍රහාරයට ලක්වූ අයගේ විසිරී තිබුණු ශරීර කොටස් දුටු බව කීවාය. අනතුරෙන් තමන්ගේ හිසටද සුළු තුවාල වූ බවත් එයට ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ගත් බවද සාක්ෂිකාරිය කීවාය. පසු අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ට ඡායාරූප දෙකක් පෙන්වා එහි සිටි අය හඳුනාගත හැකි දැයි විමසා සිටි බව කීවාය. ඉන් එක් ඡායාරූපයක තමා පිටුපස සහරාන් නමින් හඳුන්වන තැනැත්තා සිටි බව නිශංකා හංසමාලී මෙය සාක්ෂි දෙමින් කියා සිටියාය. නඩු විභාගය අද (11දා) යළි සිදුවේ. එහිදි සීසීටීවී දර්ශන ඇසුරෙන් සාක්ෂි විමසීමට නියමිතය.

නඩුව 12දා දක්වා දිනපතා විභාග කිරීමට දින නියමව තිබේ.
 
අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන්ද නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේදී විවෘත අධිකරණයට පැමිණ සිටියහ.

දිනමිණ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka