gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දෙරණ ස්කාගාරයක් මට බෑ විස්කි හදන්න... දෙරණ නිසා මට සමාජ ප්‍රාග්ධනය අහිමි වුනා - දෙරණ නයා ගැන දිලිත් කියයි (VIDEO)

දෙරණ යනු ස්කාගාරයක් යැයි උදාහරණයකට ගත හොත් තමන්ට එහි හිමිකරු වුවත් විස්කි සෑදීමට නොහැකි බව දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා පවසයි.

පසුගිය කාලයේ දෙරණ මාධ්‍ය ජාලය පක්ෂග්‍රාහී ලෙස කටයුතු කළේ කල විමසීමකට ඔහු සඳහන් කරන්නේ තම සේවකයින් උපරිම නිදහස පවා දුන් අන්තර්ගතයන්ට කිසිසේත් මැදිහත් නොවූ මාධ්‍ය හිමිකරුවකු බවය.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු මෙම කරුණු සඳහන් කර ඇත.

දෙරණ මාධ්‍ය ආයතනයේ සිටි ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් තමන්ට හිමිව තිබූ සමාජ ප්‍රාග්ධනයෙන් කොටසක් තමන්ට අහිමි වූ බවත් ජයවීර මහතා පවසයි.

තමන් සැමවිටම මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන්ට නිදහසේ කටයුතු කිරීමට අවකාශය සලසා දුන් බවත් පසුගිය කාලයේ දී ආන්දෝලනාත්මක ලෙස සාකච්ඡාවට ලක්වූ ඇතැම් ප්‍රවෘත්ති හේතුවෙන් තමන්ගේ ප්‍රතිරූපයට දැඩි බලපෑමක් එල්ල වූ බවත් ඔහු සදහන් කරයි.

කෙසේ වුවත් මාධ්‍ය හිමිකරුවකු ලෙස ප්‍රවෘත්ති අන්තර්ගතයන්ට මැදිහත් වීමට තමා කිසිවිටකත් බලාපොරොත්තු නොවන බවද ඔහු අවධාරණය කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka