ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් රුපියල් බිලියන 10ක අපහාස වන්දි ඉල්ලා නඩු පවරා තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සහ එම පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි යන දෙදෙනා පළමු වගඋත්තරකරුවන් වශයෙන් නම් කර රුපියල් බිලියන 10ක අපහාස වන්දි අයකර දෙන්නැයි කොළඹ දිසා අධිකරණයේ අද (13) අනුර දිසානායක මහතා විසින් නඩු පවරනු ලැබුවා. කිසිඳු පදනමකින් තොරව ද්වේෂසහගතව සහ අපහාස කිරීම සඳහාම සිතා මතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අංක DMR/02065/2023 යටතේ මෙම නඩුව පවරනු ලැබ තිබෙනවා.
පළමු වගඋත්තරකරුවන්ගේ ප්‍රකාශවල නිරවද්‍යතාවය තහවුරු කර ගැනීමෙන් තොරව එම ප්‍රකාශ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය ආයතනයක්ද වගඋත්තරකරුවකු ලෙස නම් කර තිබෙන බවයි අනාවරණය වන්නේ.
මෙම වගඋත්තරකරුවන්ගේ රුපියල් බිලියන 10 බැගින් වෙන වෙනම වන්දි ලබා දෙන ලෙස ගොනු කළ නඩුවේ පැමිණිලිකරුවන ජාතික ජන බලවේගවේ නායක අනුර කුමාර දිසානායක වෙනුවෙන් උපුල් කුමරප්පෙරුම, ඩුවිනි ගොඩගම සහ ටෙරීෂා වෙදආරච්චි යන නීතීඥ මණ්ඩලයක් පෙනී සිටින බව සඳහන් වෙනවා.