gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කාන්තාව කියන්නේ පිරිමියාගේ සුරතලී නෙවෙයි – ඩයනාගෙන් සැර ප්‍රකාශයක්!

තමන්ට එල්ල කළ ප්‍රහාරය අනුමත කළ විපක්ෂ නායකවරයා, කාන්තා හිංසන ගැන පවසමින් කාන්තාවන් සම්පූර්ණයෙන් රැවටීමකට ලක්කරන අතර එවැනි පුද්ගලයෙකුට මේ රට භාර දුන්නොත් කාන්තා සියලු දෙනාට පිළිසරණක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය සියලු කාන්තාවන්ගෙන් ඉල්ලා සිටිනවා.

කාන්තා හිංසනය සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළා.

එහිදී ඇය මෙසේ ද අදහස් දක්වා සිටියා.

“මම කියන්නේ නෑ සජබේ ඉන්න ඔක්කෝම නරක අය කියලා. සජබේ හොඳ මන්ත්‍රීවරුත් ඉන්නවා.. වැදගත් මන්ත්‍රීවරු සජබෙ ඉන්නවා.. මම නෑ කියන්නේ නැහැ. හැබැයි කනගාටුවට කරුණ නම් මේකේ ඉන්න නායකයා, විපක්ෂ නායක කියා ගන්න මේ මනුස්සයා, මේ ප්‍රහාරය අනුමත කරනවා.. හැබැයි රට වටේට කාන්තා හිංසන, කාන්තාවෝ සවිබල ගැන්වීම, කාන්තාවෝ කිය කිය රටේ ඉන්න කාන්තාවෝ සම්පූර්ණ රැවටීමටකට ලක්කරලා හැම තැනම ඇවිදිනවා මහා ලොකුවට කාන්තා හිංසනය ගැන කතා කර කර..

තමුන්ගේම ඉන්න මන්ත්‍රීවරු මේ ඉන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමියකට මේ වගේ ප්‍රහාරයකට ලක්කරන එක අනුමත කරනවා.. එතුමා කතා කරන්නේ කංසාමය ප්‍රවර්ධනය කරලා කංසා බී අනුභව කරලා, මම නම් ජීවිතේට අහලා නෑ කංසා අනුභව කරනවා.. එතුමා අනුභව කරනවාද දන්නේ නැහැ.. එහෙම පෙනුමකුත් තියෙනවා.

ඉතිං ඒකෙන් පෙන්වන්නේ මෙම පාර්ලිමේන්තුවට මම කංසා නීති ගත කරන්න කිව්වේ මිනිස්සුන්ට බොන්න නෙමේ.. එතුමා ගෙනාපු පනතවත් හරියට කියවලා නැහැ.. ඒ පනතේ හොඳ පැහැදිලිවම තියෙනවා කංසා නීතිගත කරන්න කිව්වේ ඇයි කියලා.. එතුමට මේ රට හදන්න කිසිම ආර්ථීක මොළයක් නැහැ.. කියව කියව ඇවිදින්න විතරයි විපක්ෂ නායකට තියෙන්නේ.

මට ඇත්තටම මේ රටේ කාන්තාවන්ට කියන්න තියෙන්නේ ඊළඟ ඡන්දයේ දී කොසු ඉඳල් ටික ලෑස්ති කරගෙන තියා ගන්න.. මේ වගේ අයට ඡන්දය දෙන්න එපා.. මොකද මේ වගේ අය ඡන්දය ගත්තොත් විපක්ෂයේ මේ වගේ දේවල් අනුමත කරන නායකයෙක් ඉන්නවා නම් එයාට මේ රට භාර දෙනවා කියන්නේ මේ රටේ කාන්තාවෝ සියලු දෙනාටම අබ සරණයි..”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka