ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත් කරනු ලැබූ දයාසිරි ජයසේකර මහතාට ජ්‍යෙෂ්ඨ උපසභාපති ධුරයක් ලබා දීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යෝජනා කර ඇතැයි වාර්තා වනවා.
මේවනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන් 06 දෙනකු සිටින අතර, දයාසිරි ජයසේකර මහතා එම තනතුර භාර ගතහොත් ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන් ගණන 07ක් දක්වා ඉහළ යනු ඇත.
දයාසිරි ජයසේකර මහතා නැවත පක්ෂය සමඟ සම්බන්ධ වන්නේ නම්, පක්ෂයේ සභාපති ධුරය, ලේකම් ධුරය හෝ ජාතික සංවිධායක ධුරය හැර වෙනත් තනතුරක් ලබා දිය හැකි බව පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණා.
ඒ අනුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ඔහුට ජ්‍යෙෂ්ඨ උපසභාපති ධුරයක් ලබා දීම සුදුසු බවට යෝජනා කර තිබෙනවා.
මේ අතර, දයාසිරි ජයසේකර මහතා පවුලේ සාමාජිකයින් සමග මේ වන විට විදේශගත වී සිටින බව අනාවරණය වනවා.