gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ගුවනින්, සාගරයෙන් හා ගොඩබිමෙන් ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් – ඊශ්‍රායල අගමැති

ගුවනින් , සාගරයෙන් හා ගොඩබිමෙන් ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට සුදානම් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

ගාසා තීරයේ බලය අත්පත් කර ගැනීම සඳහා ඊශ්‍රායලය මේ වන විටත් පාබල මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

යුද මෙහෙයුමේ ඉදිරි අදියර ඉක්මනින් ක්‍රියාත්මක කරන බවටයි අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඉදිරි පෙළ යුද සේනාංක වෙත දන්වා ඇත්තේ.

කෙසේ වුව ද ගුවනින් හා මුහුදෙන් ගාසා තීරය ආක්‍රමණය කිරීම ආරම්භ කරන දිනය සම්බන්ධයෙන් දැනුම්දීමක් කර නැහැ.

උතුරු ගාසා තීරයේ ජිවත්වන මිලියන 1.1ක පමණ පලස්තීන ජාතිකයින්ට දකුණු ගාසා තීරයට ගමන් කරන ලෙස ඊශ්‍රායලය ඊයේ දැනුම් දුන්නා.

ඒ හේතුවෙන් පලස්තීන ජාතිකයින් මෝටර් රථ උපයෝගී කර ගනිමින් හා පා ගමනින් ගාසා තීරයේ  දකුණු ප්‍රදේශය වෙත පලා යාම ආරම්භ කළා.

කෙසේ වුව ද ඊශ්‍රායලයේ නියෝගයට ලෝක සෞඛ්‍ය සංවිධානය තම විරෝධය පළ කරනවා.

රෝගීන්ට රෝහල්වලින් ඉවත් වන ලෙස දැන්වීම මරු කැඳවීමක් බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka