ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියට සහභාගි වීමට පෙරාතුව කණ්ඩායමේ යහපත ගැන සිතා නායකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක දසුන් ශානකට දැනුම් දී තිබූ බව ජාතික පුවත්පතක් වාර්තා කරයි.
පසුගිය සැප්තැම්බර් මස 20 වැනිදා වන විට දසුන් ශානකට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබූ නමුත් එදිනම පස්වරු වන විට දසුන් ශානක කණ්ඩායමට ඇතුලත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබිණි.
ලෝක කුසලාන තරඟාවලියට නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය දීම දිගින් දිගටම කල් යාමට හේතුව මෙම අර්බුදකාරී තත්ත්වය බව වාර්තාව කියා සිටියි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන සහභාගිවීමට ඉන්දියාව බලා පිටත්ව ගියේ පසුගිය සැප්තැම්බර් මස 26 වැනිදා වුවත් ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායම නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කරන ලද්දේ සැප්තැම්බර් මස 26 වැනි දා පස්වරු 5 ට පමණයි.