"මගේ නෑයෝ නිසා පොලීසියට ගියේ නෑ..." - කඳාන පෞද්ගලික ආයතනයක් තුළදී පහර කෑ තරුණිය කියූ ආන්දෝලනාත්මක කතාව (VIDEO)
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පෞද්ගලික ආයතනයක් තුළ කාන්තාවකට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළක් ඇප මත නිදහස් කෙරුණේ සැකකරුවන් ඊයේ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
කඳාන පොලිස් වසමේ ආනියාකන්ද පාර, නාගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක් තුළ අදාළ පහරදීම සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඒ සම්බන්ධයෙන් 118 ට දුරකථන අංකයට ලද තොරතුරක් මත විමර්ශනයක් සිදුකර තිබුණා.
ඒ අනුව ඊයේ රාත්‍රී කාලයේ දී කඳාන පොලිස් වසමේ ලිප්ටන් පාර, නාගොඩ ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 36 හැවිරිදි කඳාන, නාගොඩ ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක්.
අත්අඩංගුවට පත් වූ සැකකරු පහරකෑමට ලක් වූ තරුණියගේ ළඟම ඥාතීන් වන බව පොලීසිය සඳහන් කළා.
මෙම සැකකාර අඹුසැමි යුවළ ආනියාකන්ද ප්‍රදේශයේ ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ වෙළෙඳාම් සිදුකරන ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති අතර, පහරකෑමට ලක්වූ තරුණිය වසර 3ක පමණ කාලයක සිට මෙම ඥාතිවරයාගේ නිවසේ නැවතී අදාළ ආයතනයේ සේවය කර ඇතැයි විමර්ශනවලදී හෙළිවී තිබුණා.
සැකකාර යුවළ තරුණියගේ ඥාතීන් වීම හේතුවෙන් පහරදීම සම්බන්ධයෙන් මුල් අවස්ථාවේ ඇය විසින් පොලීසියට පැමිණිලි කර නොමැති අතර, සිදුවීම සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම හේතුවෙන් පොලීසියට පැමිණි කිරීමට තීරණය කළ බව පහරකෑමට ලක් වූ තරුණිය පවසා තිබෙනවා.
කඳාන පොලිස් වසමේ ආනියාකන්ද පාර, නාගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක් තුළ අදාළ පහරදීම සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඒ සම්බන්ධයෙන් 118 ට දුරකථන අංකයට ලද තොරතුරක් මත විමර්ශනයක් සිදුකර තිබුණා.
ඒ අනුව ඊයේ රාත්‍රී කාලයේ දී කඳාන පොලිස් වසමේ ලිප්ටන් පාර, නාගොඩ ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 36 හැවිරිදි කඳාන, නාගොඩ ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක්.
අත්අඩංගුවට පත් වූ සැකකරු පහරකෑමට ලක් වූ තරුණියගේ ළඟම ඥාතීන් වන බව පොලීසිය සඳහන් කළා.
මෙම සැකකාර අඹුසැමි යුවළ ආනියාකන්ද ප්‍රදේශයේ ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ වෙළෙඳාම් සිදුකරන ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති අතර, පහරකෑමට ලක්වූ තරුණිය වසර 3ක පමණ කාලයක සිට මෙම ඥාතිවරයාගේ නිවසේ නැවතී අදාළ ආයතනයේ සේවය කර ඇතැයි විමර්ශනවලදී හෙළිවී තිබුණා.
සැකකාර යුවළ තරුණියගේ ඥාතීන් වීම හේතුවෙන් පහරදීම සම්බන්ධයෙන් මුල් අවස්ථාවේ ඇය විසින් පොලීසියට පැමිණිලි කර නොමැති අතර, සිදුවීම සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම හේතුවෙන් පොලීසියට පැමිණි කිරීමට තීරණය කළ බව පහරකෑමට ලක් වූ තරුණිය පවසා තිබෙනවා.
"මගේ නෑයෝ නිසා පොලීසියට ගියේ නෑ..." - කඳාන පෞද්ගලික ආයතනයක් තුළදී පහර කෑ තරුණිය කියූ ආන්දෝලනාත්මක කතාව (VIDEO)
2023-10-17T09:59:00+05:30
Gossip Lanka Hot News