ඩයනා-රෝහණ-සුජිත් තුන්කොන් සටනේ CCTV දර්ශන කමිටුවට
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සහ රෝහණ බණ්ඩාර මෙන්ම සුජිත් සංජය පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඊයේ (20) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ කමිටුවේ කටයුතු ලබන සඳුදා ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ සභාපතිත්වයෙන් යුත් අදාළ කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස චමල් රාජපක්ෂ, රමේෂ් පතිරණ, ගයන්ත කරුණාතිලක, ඉමිතියාස් බාකීර් යන මන්ත්‍රීවරුන් ඇතුළත්.
තවද අදාළ කමිටුවට කාන්තාවන් දෙදෙනෙකුද ඇතුළත් කරන ලෙස නියෝජ්‍ය කථානායකවරයා විසින් කථානායකවරයාගෙන් ඉල්ලීමක් ද සිදු කිරීමට නියමිත බව වාර්තාවේ.
එහිදී දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වූ පැමිණිලි පිළිබඳ විමර්ශනය කර කඩිනමින් වාර්තාවක් කථානායකවරයාට භාර දීමට නියමිතයි.
මෙම ගැටුම සිදුවන අවස්ථාවේ CCTV දර්ශන පාර්ලිමේන්තු කමිටුවට ලබා දී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ විසින් වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කර අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වූ අතර ප්‍රතිකාර ලබා පැය කිහිපයකින් ඇය පිටව ගොස් තිබේ.
ඩයනා-රෝහණ-සුජිත් තුන්කොන් සටනේ CCTV දර්ශන කමිටුවට
2023-10-22T07:16:00+05:30
Gossip Lanka Hot News





