ආදරේ නාමයෙන් කොස්තාපල්වරියගේ ලැම සපා කෑ යුවතිය
රාත්‍රී බීමතින් පැමිණි අවුරුදු 25 සහ 27 වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකු ඊයේ (20) අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙහිදී එක් තරුණයෙකුගේ පෙම්වතිය අදාළ තරුණයා සහ ඔහුගේ මිතුරා මුදාගැනීමට පොලිසියට පැමිණ ඇති අතර ඇය කළහාකාරි ලෙස හැසිරිමත් සමඟ ඇයව අත්අඩංගුවට ගැනිමට පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකු උත්සහ කර තිබේ.
එම අවස්ථාවේදි මෙම තරුණිය විසින් එක් පොලිස් නිලධාරිණියකගේ ලැම සපාකා තවත් නිලධාරිණියකගේ ඇගිල්ලක්ද සපා කා ඇති බව පොලීසිය පැවසීය.
අනතුරුව ඔවුන් තුන්දෙනා අද (21) බලපිටිය මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට නියෝග කර තිබේ.
-aruna
ආදරේ නාමයෙන් කොස්තාපල්වරියගේ ලැම සපා කෑ යුවතිය
2023-10-22T07:02:00+05:30
Gossip Lanka Hot News





