gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඇහැළියගොඩ පොලිස් ස්ථානාධිපති සිය දිවි නසාගත් බව මූලික විමර්ශනවල දී හෙළි වෙයි….

වෙඩි වැදීමෙන් මියගොස් සිටියදී ඊයේ  (21)  උදෑසන  තමන් නවාතැන් ගෙන සිටි නිවස තුළ දි සොයා ගත් ඇහැලියගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ මරණය සිය දිවි නසා ගැනීමක් බවට තොරතුරු තහවුරු වෙමින් පවතින බව විමර්ශන ආරංචි  මාර්ග පවසයි.
ඔහු සිය නිවස තුළ මිය ගොස් සිට ඇත්තේ දොරගුළු ලාගෙන බවත්, ඔහු ගේ හුරු අතේ රාජකාරි ගිනි අවිය පැවති බවත් වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද පැවසුවේ මෙය සිය දිවි නසා ගැනීමක් බව මූලික විමර්ශනවල දී හෙළිදරව් වූ බවය.

මෙසේ මිය ගොස් ඇති  ඇහැලියගොඩ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර ද සිල්වා (42)  දෙදරු පියෙකි.

ඔහු මින් පෙර බේරුවල පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙනුත්, කළුතර උතුර පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙනුත් කටයුතු කර තිබේ.

2021 වසරේ නොවැම්බර් 21 වනදා ඇහැලියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස සේවයට එක්වූ ඔහු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා විශාල සේවයක් ඉටුකළ නිලධාරියෙක් බව වාර්තා වේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka