gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමතිකම් අවශ්‍ය නම් ජනතාව අතරට ගිහින් ඇමතිකම් ලබා ගැනිමේ අවස්ථාව සලසා දිය හැකියි… රජය ඇමතිකම් ඉල්ලන පොහොට්ටුවන්ට දන්වලා…

කැබිනට් සංශෝධනයේ දී  ඇමතිකම් නොලැබීම ප්‍රමුඛ කරාණව ලෙසත්,   අයි.එම්.එෆ් වැඩසටහනේ ඇති එකඟ විය නොහැකි කාරණා සම්බන්ධවත් රජය සමග සාකච්ඡා කළ පොහොට්ටු කණ්ඩායමක් වෙත ඇමති කම් අවශ්‍ය නම් ඒ අවස්ථාව ජනතාව ඉදිරියට ගොස් ලබා  ගැනීමට අවස්ථාව සලසා  දිය හැකි බවත්, මේ අවස්ථාවේ දී එය කළ නොහැකි  බවත් රජයේ ඉහළම ප්‍රධානියෙක් පොහොට්ටුවට  දන්වා ඇතැයි විශ්වාස කටයුතු රජයේ  ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් තමන් පත් කළ ජනාධිපතිවරයා විසින් අත්තනෝමතිකව රජය මෙහයවන්නේ සභාගයක වගකීම් නොදැන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පසුගිය දා  ප්‍රකාශ කළේය.  ජනාධිපතිවරයාගේ මේ හැසිරීමට විරෝධය පාමින් එළඹෙන අයවැයේ දී රජයට දැඩි සේ ලැදිව කටයුතු කරන පොහොට්ටු අමාත්‍යවරුන් කීප දෙනෙකුගේ අමාත්‍යාංශ වැය ශීර්ෂ පරාජය කිරීමට පොහොට්ටුව තීන්දු කොට ඇතැයි වාර්තා වේ.

පසුගිය දිනෙක නාමල් රාජපක්ෂගේ කොළඹ නිවසේදී රැස්ව ඇති  පොහොට්ටු රාජ්‍ය අමාත්‍යවරුන් සහ ‌  මන්ත්‍රීවරුන්  මේ පිළිබඳව අවසන් තීන්දුව ගෙන තිබේ.

කෙසේ වෙතත් පොහොට්ටු පාර්ශවයෙන් පවසන්නේ ආණ්ඩුව විසුරුවා හැරීමේ කිසිම අවශ්‍යතාවයක් ජනාධිපතිවරයාට නැති බවත් පෙහොට්ටුව අමාත්‍යාංශ කීපයක වැය ශීර්ෂ පරාජය කීරීමට සූදානම් වීමත් සමග කලබල වූ රජයේ කණ්ඩායමක්  ආණ්ඩුව විසුරවා හරින කතාව තමන්ට හිතවත්  මාධ්‍ය හරහා ප්‍රචාරය කර ඇති බවත්ය.

නමුත් රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග ලංකාසරට හෙළි කළේ මේ අවස්ථාවේ දී ප්‍රමුඛ අවශ්‍යතාවය අනවශ්‍ය ගැටලු ඇතිකරගනිමින් පුද්ගල සන්තර්පනය නොව, රට වෙනුවෙන් අවශ්‍ය තීන්දුව ගැනීම බවය.

ඇමති කම් අවශ්‍ය නම් ජනතාව ඉදිරියට ගොස් ඇමතිකම් ලබා ගැනීමේ අවකාශය පොහොට්ටුවට ලබා දිය හැකි බවට වූ අදහසක් රජයේ තිබෙන බවද එම ආරංචි මාර්ග සනාථ කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka