gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලක්ෂ 51ක සල්ලිවලින් දුවගේ මගුල ගත්ත මහනුවර මහනගර සභාවේ තවත් කෙළියක් එළියට එයි! බිස්නස්කාරයන්ට 10% ‌පොලියට උදේ සල්ලි දීලා හවසට පොලියත් එක්ක එකතු කරගෙන!

මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයට ගෙවීම් ලෙස ලැබී තිබූ රුපියල් ලක්ෂ 51ක මුදලක් සභා ගිණුමට බැර නොකර දියණියගේ විවාහ මංගල උත්සවයකට වැය කිරීමට රැගෙන ගිය බව කියන ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනියගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව මහනුවර නගර සභාවේ නාගරික කොමාසාරිස් ඉෂාන් විජේතිලක මහතා විසින් අදාළ සේවිකාවගේ වැඩ තහනම් කිරීම සඳහා වන නිර්දේශය පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් මහතා මඟින් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමවංශ මහතා වෙත යොමුකර ඇත.
එම නිර්දේශ පදනම් කර ගනිමින් පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් වැඩ තහනම් කිරීමේ ලිපිය මහනුවර නාගරික කොමසාරිස් මඟින් සරප් අංශයේ ප්‍රධාන කළමනාකරණ සේවා 
නිලධාරිනිය වෙත එවා තිබේ.


සරප් අංශය වෙත වරිපනම්, ජල බිල්පත් ඇතුළු ගාස්තු ලෙස දෛනිකව එකතු වන රුපියල් ලක්ෂ ගණනක ආදායම දින ගණනාවක් පසුකර බැංකුගත කළ අවස්ථා රැසක් තිබෙන බව මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී පෙනී ගොස් ඇත.


ඒ අනුව මෙම නිලධාරිනිය තනිව හෝ තවත් පිරිසක් සමඟ එක්ව කාලයක් තිස්සේ මෙම වංචාව සිදුකර තිබෙන බවට අනාවරණය වූ කරුණු ඔස්සේ නගර සභාව විමර්ශන ආරම්භ කර තිබේ.


මහනුවර මධ්‍යම වෙළෙඳ පොළේ තවත් ස්ථාන කිහිපයක ව්‍යාපාරික කටයුතු සිදු කරන පුද්ගලයින්ට පෙරවරු කාලයේ 10 % ක පොලියකට මුදල් ලබා දී පස්වරුවේ පොලිය ද සමඟ අදාළ මුදල අයකර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර, නගර සභාවේ ගිණුම් අංශයට එකතුවන මුදල් නගර සභා සේවකයින් ඒ ආකාරයෙන් පොලියට ලබා දීම සඳහා යොදා ගත්තේ ද යන බරපතළ සැකය විමර්ශන නිලධාරීන්ට මතුව ඇත.

පසුගිය දිනවල වාර්තා වූ වංචා හා දූෂණ සැලකිල්ලට ගනිමින් නගර සභාවේ ගිණුම් අංශය වෙත කරනු ලබන සියලු ගෙවීම් කටයුතු අවශ්‍යය නම් තැපැල් දෙපාර්තමේන්තුව හරහා නගර සභා ගිණුමට බැර කිරීමට හැකි පරිදි වැඩපිළිවෙළක් සකස් කළ බව මහනුවර නාගරික කොමාසාරිස් ඉෂාන් විජේතිලක මහතා කීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka