කනමදයෙක් සේ බී ගෙන රිය පැදවූ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න අද පාන්දර රිය අනතුරක් කරයි…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවීන්ද්‍ර බණ්ඩාර සෙනවිරත්න හෙවත් රවී සෙනවිරත්න කටගොන්නක් බීගෙන සිය රිය පදවා රිය අනතුරක් සිදුකිරීම හේතුවෙන් පොලිස් අත් අඩංගුවට පත් වී තිබේ.
අද අළුයම 3ට පමණ කොළඹ සමුද්‍ර පාරේ (maraine Drive) බම්බලපිටිය පැත්තට ජිප් රථයක් පදවාගෙන පැමිණි කෙලින් කටින් ඉන්නට නොහැකි තරම් බීමත්වූ පුද්ගලයෙක් වැල්ලවත්ත මිරාජ් හෝටලය අසල දී මාර්ගයේ පසෙක නවත්වා තිබූ වැගන් ආර් රථයක සිය ජිප් රථය හප්පා තිබේ.
එම වැදුන වේගයට වැගන් ආර් රථය විසිවී ඇදී ගොස් ඉදිරිපසින් නවතා තිබූ සුඛෝපභෝගී බස් රථයක ගැටී ඇත.
වාහන දෙකටම බරපතල අලාභානී සිදුවී තිබිණි. පරීක්ෂා කර බලන විට රියදුරු අසුනේ සිටින්නේ සිහි විකල් වූ තරමට බීමත් පුද්ගලයෙකි.
පොලිසියය පැමිණ පරික්ෂා කරන විට ඒ ඉන්නේ හිටපු පොලිසියේ ලොක්කෙකි. ඔහු හිටපු ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති රවී සිරිවර්ධන බව හඳුනා ගැනුණි. එහෙත් දැන් කළ හැකි දෙයක් නැත. මේ මනුස්සයා කටගොන්නක් බී ගෙන පැමිණ විශාල අලාභයක් සහිත අනතුරක් ද සිදුකර තිබේ.
ඔහුට අදාල පරික්ෂණ සිදුකර අද උසාවියට ඉදිරිපත් කිරීමට කටයුතු කරද්දී ඔහුව බේරා ගන්නට පොලිස් ලොක්කන් පෝලිමේ පැමිණෙන බව වාර්තා වේ.
උපුටාගැනීම -lankasara
කනමදයෙක් සේ බී ගෙන රිය පැදවූ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න අද පාන්දර රිය අනතුරක් කරයි…
2023-10-29T11:16:00+05:30
Gossip Lanka Hot News





