ගාසා තීරයේ බටහිර ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ තත්ත්වය පිළිබඳ සොයා බැලීමට එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ඊශ්‍රායලය ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රදේශයට ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වීම මත චාරිකාව අත්හිටුවා ආපසු පැමිණ ඇත.
මෙම ප්‍රහාර එල්ල වීම මත චාරිකාව නවතා යන ආපසු යන ලෙස ඊශ්‍රායල ආරක්ෂක අංශ තමන්ට උපදෙස් දුන් බව තානාපති වරයා පැවසීය.
කෙසේ නමුත් ඉදිරියේදීද ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සොයා බැලීමට නැවත වරක් එහි චාරිකාවක නිරත වීමට අදහස් කරන බව ද හෙතෙම පැවසීය.
ගාසා තීරය ප්‍රදේශය පමණක් නොව තානාපති කාර්යාලය සහ නිවාස ඇති ප්‍රදේශවලටද ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරන බවත් එම ප්‍රහාර ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් මැඩ පවත්වමින් සිටින බවත් තානාපතිවරයා පවසයි.
එනිසා බියවීමට කිසිදු හේතුවක් නැති බව ද නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.