දෙරට අතර යෝජිත විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ සම්බන්ධක ස්ථාන ලෙස ශ්‍රී ලංකාවේ වයඹ දෙසින් මන්නාරම සහ දකුණු ඉන්දියාවේ මදුරෙයි හඳුනාගෙන ඇති බව වාර්තා වනවා.
ඒ සම්බන්ධ කටයුතු දෙරටේ විදුලිබල ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් සලකා බැලීමට ලක් කර ඇති අතර එහි කටයුතු මේ වන විට බොහෝ දුරට අවසන් වී ඇති බවයි අද (13) මෙරට ඉංග්‍රීසි පුවත්පතකට අයත් වෙබ් අඩවියක් වාර්තා කර තිබුණේ.
මෙම ජාල සම්බන්ධතාව 2003 තරම් ඈත කාලයක සිට ඉදිරිපත් කරන ලද අදහසක් වන නමුත් එය යම් පමණකින් හෝ ක්‍රියාවට නැගෙන්නේ වර්තමානයේ වන අතර ඒ පිළිබඳ තීරණාත්මක සාකච්ඡා ජනාධිපතිවරයා මීට මාස කිහිපයකට උඩ දී ඉන්දියාවේ කළ සංචාරයේ දී සිදුව තිබෙනවා.
කෙසේ නමුත් අදාළ සම්බන්ධක ස්ථානය රට අභ්‍යන්තරයට ගෙන යායුතු බව ඉන්දියාවේ බලශක්ති ප්‍රවීණයන්ගේ අදහස වී ඇති බව මොනරා වෙත පැවසූ මෙරට විදුලි බල ක්ෂේත්‍රයේ ඉහළ පෙළ ඉංජිනේරුවෙක් සඳහන් කළේ, යෝජිත රැහැන් ජාලයේ දුර කිලෝමීටර් 280-300ක පමණ දුරක් වුවත්, උක්ත මතය අනුව කටයුතු කළහොත් එහි දුර තවත් කිලෝමීටර් 30කට වැඩි ප්‍රමාණයකින් වැඩි වන බවයි.
ඒ අනුව පෙනී යන්නේ අදාළ සම්බන්ධක ස්ථානය ඉන්දියාවේ රට අභ්‍යන්තරයට ගෙන ගිය හොත්, මේ වන විට අදාළ ව්‍යාපෘතිය සඳහා වන වියදම ලෙස ඇස්තමේන්තු කර තිබෙන අමෙරිකානු ඩොලර් මිලියන 400ක මුදල වැඩි වනු ඇති බවයි.
මෙම ව්‍යාපෘතියේ දී විකල්ප ලෙස, මුහුද අභ්‍යන්තරයේ රැහැන් එලීම සහ උඩින් රැහැන් එලීම ඇති අතර මුහුද අභ්‍යන්තරයේ රැහැන් එලීම වඩා මිල අධික වනු ඇතැයි පැවසෙන්නේ.
කෙසේ නමුත් අප සමග අදහස් දැක් වූ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවරයා සඳහන් කළේ, මෙම ව්‍යාපෘතිය 2010 වසරේ ආරම්භ කළ LNG ව්‍යාපෘතිය ආකාරයෙන් ම නිවැරදි ලෙස ගිවිසුම්ගත නොවී ක්‍රියාත්මක වුවහොත් මෙයත් තවත් එක්තරා සුදු අලියෙකු වනු ඇති බවයි.