gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අළුත උපන් බිළිඳා නාන කාමරයේ බේසමකට දමා අවිවාහක 18 හැවිරිදි තරුණිය උදරාබාධයක් බව කියමින් රෝහල්ගත වෙලා!

උඩුගම හෝමදොළවත්තේ පදිංචි  18 හැවිරිදිවියේ පසුවන අවිවාහක තරුණියක් දරුවකු ප්‍රසුත කිරිමෙන් පසු එම බිළිදා  නාන බේසමකට දමා උදරයේ ඇති රෝගි තත්වයක් බව පවසමින්  අද (07) උඩුගම රෝහලට ඇතුළත්ව ඇති බව උඩුගම  පොලිසිය පවසයි.
මෙම තරුණිය දරුවකු ප්‍රසුති කොට ඇති බව  රෝහලේ වෛද්‍යවරුන් විසින් අනාවරණය කරගෙන ඇත.


ඒ පිළිබඳව විමසිමේ දි  අලුත් උපන් බිළිදා නාන කාමරයේ බේසමකට දමා පැමිණ බව තරුණිය  සදහන්කොට තිබේ.
පසුව  උඩුගම රෝහලේ පවුල් සෞඛ්‍ය නිලධාරිණිය විසින් මෙකී  තරුණියගේ නිවසට ගොස් බිළිදා රෝහලට රැගෙන විත් ඇති අතර ඒ වනවිටත් බිළිදා මියගොස් ඇති බැව්  රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම කාන්තාව උඩුගම රෝහලේ ප්‍රථිකාර ලබන අතර මෙය මළදරු උපතක්ද නැතිනම්  බිළිදා බේසමට දැමිමෙන් පසු මියගොස් ඇද්ද යන්න පිළිබද උඩුගම  පොලිසිය පරික්ෂණ පවත්වයි.
 
-ලලිත් චාමින්ද
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka