අක්කර 40ක රජයේ ඉඩම ගැන දේශපාලඥයෙක් එක්ක ගැටුමක් හදාගත්තාද? ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි!
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ඉඩම් ඇමැති හරීන් ප්‍රනාන්දු වෙත පසුගිය 05 වනදා සවස ලබා දී ඇත. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් අක්කර 40ක පමණ ඉඩමක් සම්බන්ධයෙන් දේශපාලනඥයකු සමග ඇතිකර ගත් මත ගැටුමක් මුල් කරගෙන ඔහු ඉල්ලා අස් වී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබුණද ඔහුගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වීම භාර දුන් බවය.
තමා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට පත්වී වසර 04කට ආසන්න කාලයක් ගත කළ බවත් එම කාලයේ දී විහාරස්ථානවලට, ඔප්පු නැති පිරිස ඇතුළු නීත්‍යනුකූලව ඉඩම් ලබා දිය හැකි පිරිසට ඔප්පු ලබා දීමට අමාත්‍යාංශයට සහාය දුන් බවද ඔහු සඳහන් කරයි.
තමා සේවය කළේ නීත්‍යනුකූලව බවත් නීතියෙන් පිටත විවිධ ඉල්ලීම් ලැබුණත් එය ඉටු කර දීමට තමා කටයුතු නොකළ බවත් ඔහු තවදුරටත් පවසයි.
- දිවයින
තමා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට පත්වී වසර 04කට ආසන්න කාලයක් ගත කළ බවත් එම කාලයේ දී විහාරස්ථානවලට, ඔප්පු නැති පිරිස ඇතුළු නීත්‍යනුකූලව ඉඩම් ලබා දිය හැකි පිරිසට ඔප්පු ලබා දීමට අමාත්‍යාංශයට සහාය දුන් බවද ඔහු සඳහන් කරයි.
තමා සේවය කළේ නීත්‍යනුකූලව බවත් නීතියෙන් පිටත විවිධ ඉල්ලීම් ලැබුණත් එය ඉටු කර දීමට තමා කටයුතු නොකළ බවත් ඔහු තවදුරටත් පවසයි.
- දිවයින
අක්කර 40ක රජයේ ඉඩම ගැන දේශපාලඥයෙක් එක්ක ගැටුමක් හදාගත්තාද? ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි!
2023-10-08T08:51:00+05:30
Gossip Lanka Hot News