gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනාධිපති වෙන්න සුදුසුම පුද්ගලයා බැසිල් රාජපක්‍ෂයි

මීලග ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කිරීමට සුදුසුම පුද්ගලයා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා සඳහන් කරයි.

මෙය තමන්ගේ පුද්ගලික අදහස මිස පක්ෂයේ පොදු මතය නොවන බවද මන්ත්‍රීවරයා පැවසීය.

පක්ෂය තුළ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සුදුසු පුද්ගලයන් විශාල පිරිසක් සිටින බවත් ඔවුන්ගෙන්ද සුදුසුම කෙනා නිසි වෙලාවේදී ඉදිරිපත් කරනු ඇති බවත් හෙතෙම කියා සිටී.

තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ නව ක්‍රමයක් තුළින් බවත් එම ක‍්‍රමය පිළිබඳව දැන්ම හෙළි නොකරන බව ද ඔහු කියා සිටියේ පොදු ජන පෙරමුණ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka