gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඉල්ලා අස්වීමට ගිය දසුන්ව ලෝක කුසලාන නායකයා ලෙස තේරීම් කමිටුව නම් කරයි

මෙම වසරේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම යළිත් දසුන් ශානකටම පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඇතුළු තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිල නොලත් ආරංචි මාර්ග තහවුරු කර සිටියේ මේ අවස්ථාවේ නායකත්වය මාරු කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් තේරීම් කමිටුව සහ නායකයා අතර හමුවක් පවත්වා ඇති බවත් අවසානයේ තේරීම් කමිටුවේ මතය වී ඇත්තේ දසුන් ශානක ලෝක කුසලාන සංචිතයද මෙහෙය විය යුතු බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායක දසුන් ශානක නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව අද දැනුම්දී තිබුණද ඒ ඉල්ලා අස්වන්නේ තමාගේ සේවය කණ්ඩායමට අවශ්‍ය නොවන බව තේරීම් කමිටුව තීරණයට පැමිණියහොත් යන්න පමණක් දසුන් සඳහන් කර තිබුණි.

දසුන් ක්‍රීඩා කළ අවසන් ඉනිම් 10 තුළ එකදු අර්ධ ශතකයක් හෝ වාර්තා කරගැනීමට සමත්ව නොමැති අතර ආසියානු කුසලානයේදී බංග්ලාදේශයට එරෙහිව නොදැවී ලකුණු 14ක්, ඇෆ්ගනිස්ථානයට එරෙහිව ලකුණු 05ක්, බංග්ලාදේශයට එරෙහිව ලකුණු 24ක්, ඉන්දියාවට එරෙහිව ලකුණු 09ක්, පාකිස්ථානයට එරෙහිව ලකුණු 02ක් සහ ඉන්දියාවට එරෙහිව ලකුණු 00ක් යනාදී වශයෙන් ලකුණු වාර්තා කරගෙන සිටියා.

මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ දුරකතනයට අවස්ථා කිහිපයකදීම ඇමතුම් ලබාදුන්නද එහෙත් ඔහු දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka