gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාව බංකොලොත් යයි ප‍්‍රකාශ කිරීම නීති විරෝධීයි... බුද්ධි අංශ පරීක්‍ෂණ කල යුතුයි - වජිරගෙන් නන්දලාල්ට පහරක්!

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා බංකොලොත් රජයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් ව්‍යවස්ථා විරෝධී බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

මේ පිළිබඳව මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ පුද්ගලයන් සම්බන්ධයෙන් රජය ඉතාමත් කල්පනාවෙන් සොයා බලා යුතුව ඇති බව ද රාජ්‍ය බුද්ධි අංශ ද ඒ පිළිබඳව සොයා බැලිය යුතුව ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ආර්ථික බංකොලොත්භාවය සෙවීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අදහස් දක්වමිනි.

එහිදී ඔහු මෙසේද පැවසීය.

‘අප්‍රේල් 12 වැනිදා චීනයට ගෙවන්න තිබුණේ ඩොලර් මිලියන 70යි. දෙසැම්බර් වෙනකම් එය ගෙවන්න අවස්ථාව තිබුණා. 2022 ගෙවන්න තිබුණේ සමස්ත ණය රුපියල් බිලියන හතයි දශම දෙකයි. (7.2) අප්‍රේල් වනවිට ඉන් ඩොලර් බිලියන තුනයි දශම දෙකක් (3.2) ගෙවලා තිබුණා. මෙවැනි තත්ත්වයක් තිබියදී කඩිමුඩියේ මුදල් ඇමැති ඉල්ලා අස්වෙනවා. මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්වෙනවා. ඒ අතරේ විදෙස් රටක සිටි අධිපතිවරයෙක් රටට සැපත් වෙනවා. ඔහු රට බංකොලොත් කියලා ප්‍රකාශ කරනවා. ඒක ඔහුට අයිති නැති රාජකාරියක්. එය සිදුවී තිබෙනවා.

මේ කමිටුව විසින් සොයා බැලිය යුත්තේ මේ රට බංකොලොත් කියල නිවේදනය කරන අවස්ථාවේ එම ස්ථානවල සිටියේ කොයිවගේ පුද්ගලයන් ද කියලා. ඔවුන්ගේ දූ දරුවන් සුවිශේෂී ස්ථානවල ප්‍රතිලාභ ලැබුවද කියලා සොයා බැලිය යුතුයි. කිහිපදෙනෙකුගේ ඕනෑ එපාකම්වලට යටවෙලා ඩොලර් මිලියන 70 කට රට බංකොලොත් කීම සාධාරණයි කියලා මම හිතන්නේ නැහැ.

මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ ඉන්න පුද්ගලයන් දෙස රජය ඉතාමත් කල්පනාවෙන් සොයා බැලිය යුතුව තිබෙනවා. රාජ්‍ය බුද්ධි අංශ ඒ ගැන සොයා බැලිය යුතුව තිබෙනවා. මහජන නියෝජිතයෝ 100කගේ පමණ ගෙවල් ගිනිබත් වුණා. එසේ වීමට ප්‍රධාන කාරණය අදාළ බලධාරීන් පාලනය නොකිරීමයි. බිලියන 7.2 කින් බිලියන 3.2 ක් ගෙවලා තිබියදී රට බංකොලොත් කියලා ප්‍රකාශ කළේ ලෝකයෙන් නෙවෙයි. ඒ නිවේදනය කළේ මහ බැංකුව මගිනුයි. මෙය ව්‍යවස්ථාවට අනුවත් එය උල්ලංඝනය කිරීමක් වෙනවා’


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka