gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පිතිකරණයට වඩා මගේ නායකත්වයයි වැදගත් - දසුන් ශානකගෙන් ප්‍රකාශයක්!

ශ්‍රී ලංකාව එළැඹෙන ලෝක කුසලාන තරගාවලියේ ලෝක විහිළුවක් බවට පත්වීමට පෙර දසුන් ශානක නායකත්වයෙන් ඉවත් වීමට කාලය පැමිණ ඇති බව ඩේලි මිරර් පුවත්පත සඳහන් කරයි.

ඊයේ පැවති ආසියානු කුසලාන අවසන් තරග පරාජයෙන් පසුව ඒ සම්බන්ධයෙන් දීර්ඝ වාර්තාවක් ඉදිරිපත් කරමින් ඔවුන් මේ බව කියා තිබේ.

අවසන් මහා තරගය වළාකුළු පිරි කාලගුණ තත්ත්වයක් මැද කිසියම් හේතුවක් නිසා දසුන් ශානක පන්දුවට පහර දීමට තීරණය කළ බවත් ප්‍රතිඵලය වූයේ ලකුණු පනහකට සියලු ක්‍රීඩකයන් දැවී යාම බවත් වාර්තාවේ සඳහන්ය.

පසුගිය මාස ගණනාවක කාලයක් තිස්සේ දසුන් ශානක පිතිකරණයේ ඉතා අසාර්ථක වී ඇති බවත් පසුගිය කාල සීමායේදී ඔහුගේ සාමාන්‍ය දකුණු ලබාගැනීම පහකට වඩා අඩු බවත් එය ශ්‍රී ලංකාවේ අංක 10 පිතිකරු මහේෂ් තීක්ෂණ පවා ලබාගෙන ඇති සාමාන්‍යයට වඩා අඩු සාමාන්‍ය බවත් සඳහන්ය.

පිතිකරණයට වඩා තම නායකත්වය වැදගත් බව තරගයට පෙර පැවති මාධ්‍ය හමුවකදී දසුන් ශානක කියා සිටි බවත් ඒ හරහා ඔහු තම කණ්ඩායමේ මගියෙකු පමණක් බව පිළිගෙන ඇති බවත් පවසන එම වාර්තාව වසර ගණනක් තිස්සේ අන්ත අසාර්ථක වුවත් කණ්ඩායමේ රැඳී සිටීමට හැකි වූ එකම ක්‍රීඩකයා ඔහු විය හැකි බවද කියා සිටී.

සෑම මාධ්‍ය හමුවකදීම දසුන් ශානක තේරීම් කමිටුව හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තුති කරන බවක් නිරීක්ෂණය වී ඇති බවත් සමහර විට එය ම ඔහු කණ්ඩායමේ තබා ගැනීමට හේතුව විය හැකි බවත් තවදුරටත් සඳහන් කර ඇත.

දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය බාර ගත්තේ ඉතා අසීරු අවස්ථාවක් බවට සැකයක් නැති අතර මෑත කාලයේදී ශ්‍රී ලංකාව යම් ජාත්‍යන්තර යම් දියුණුවක් ලබා ඇතත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකුට මෙවන් දස්කම් ඇතිව ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නොහැකි බවද වාර්තාව තවදුරටත් කියා සිටියි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka