gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සිරිසේන තවම මහත්මයෙක් වෙලා නෑ! එයාට මම පාඩමක් උගන්වනවා! ෆීල්ඩ් මාෂල්-සිරිසේන සටන පාර්ලිමේන්තුවෙන් එළියටත් එයි! VIDEO

කවදා හෝ තමන්ට බලය ලැබුණොත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරයත් නීතිය හා ආරක්ෂාව පිළිබඳවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට උගන්නන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා වැලිඔය ප්‍රදේශයේදී පැවසීය.

එක්සත් ජාතික පක්ෂය විසින් ෆීල්ඩ් මාෂල් තනතුර තමන්ට ලබා දෙන බවට පාර්ලිමේන්තුවේදී දුන් පොරොන්දුව මත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ට එය ලබා දුන් බවත් එම තනතුර ජනාධිපතිවරණ පොරොන්දුවක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

රටේ ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු සියලු ක්ෂේත්‍ර බිඳවැටී ජනතාවට තුන්වේලට ආහාර සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් දෙස් විදෙස් අධ්‍යාපනය ලැබූ විද්වතුන් රට තුළ සිටියද මෙරට දූෂණය පවතින තාක් ආර්ථික විශේෂඥයන්ට රට ගොඩ ගැනීමට නොහැකි බවද පැවසීය.

මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව ඉදිරියට යෑමට පවතින බිය හේතුවෙන් වත්මන් රජය විසින් මැතිවරණ කල් දමමින් සිටින බවත් ඒ වගේම රටේ සම්පත් විකුණමින් සිටින බවත් මෙරට සිටින දේශපාලනඥයින්ගෙන් 50%ක් දූෂිත බවත් තවත් 35% ක් පමණ දෙනා ප්‍රභූවරු වීමේ මානසිකත්වයෙන් සිටින බවත් ඉතිරි බුද්ධිමත් සහ රටට ආදරය කරන 15%ක් පමණ දේශපාලනඥයන් පිරිසක් සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. ශ්‍රී විභූතියක්ව පැවති ශ්‍රී ලංකාව මේ වන විට සංවර්ධනය නොකළ ගරාවැටුණු පැරණි වලව්වක් බවට පත්ව ඇති බවත් එය නැවත සංවර්ධනය කිරීමට නම් නිර්භීත නායකත්වයක් අවශ්‍ය බවද සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka