gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"මට වෙඩි තැබුවේ පවතින ක්‍රමය විසින්..." - උද්දිකගෙන් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක්! (VIDEO)

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී තමාගේ මෝටර් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දැක්වීය. එහිදී උද්දික ප්‍රේමරත්න මහතා තරයේ ප්‍රකාශ කර සිටියේ රට තුළ පවතින ක්‍රමය විසින් තමාට වෙඩි ප්‍රහාරයක් එල්ලවූ බවට විශ්වාස කරන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙසේද කීය.

“17 වෙනිදා රාත්‍රීයේ මගේ වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා. මේ වෙද්දි පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ වෙනුවෙන් කටයුතු කරමින් යනවා. ඒ වෙලාවේ මට කතා කරපු මගේ ගැන හොයලා බලපු සියලුදෙනාටම ගොඩක් ස්තූතියි. මේ සිද්ධිය කළේ කවුද කියන දේට වඩා මට හිතෙන්නේ මේ පවතින ක්‍රමය විසින් තමා මට ඒ ප්‍රහාරය එල්ල වෙන්න ඇත්තේ. අපි හැමෝම දන්නවා මේ ක්‍රමය වැරදියි කියලා. අපේ රටේ ජනතාවත් දන්නවා මේ ක්‍රමය වැරදියි කියලා. අපේ රටේ සමාජ ක්‍රමයත් වැරදියි, දේශපාලනයත් වැරදියි. ඒ වැරැද්ද නිසා තමා මුළු රටම අද මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. දෙපැත්තේම ඒ වැරැද්ද තියෙනවා. අපි මේක වෙනස් කරගන්න, මේකේ නිවැරදි තැන අපි හොයා ගන්න ඕනේ. මේකේ අපි වෙනස් වෙන්න ඕනේ කොතැනද කියන එක අපි හරියටම හොයා ගන්න ඕනේ. ඒක හොයාගෙන රටේ ජනතාවත් වැඩකරන්න ඕනේ, දේශපාලන නායකයොත් වැඩකරන්න ඕනේ. ඒ වෙනස මේ රටට ගේනකල් මම හිතන්නේ නෑ අපේ රට අනිත් රටවල තියෙන දියුණු තත්ත්වයට, දියුණු මිනිස්සු ඉන්න රටක් බවට අපිට මේ රට ගොඩනගන්න පුළුවන් කියලා. ඒ දේශපාලන, සමාජ පරිවර්ථනය මේ රට ඉල්ලනවා. අපි හැමවෙලේම කියන්නේ ඒ වෙනස මේ රටට ඇප්ලයි කරන්න. ඒ නිසානම් අපිට තර්ජන එල්ල වෙන්නේ. හැමෝම හොයලා බලන්න ඕනේ මේ වෙනස ඇති කරන්නේ කොහොමද කියලා. වෙනස හොයාගෙන දෙගොල්ලෝම වැඩකරමු. අපි තරුණ මන්ත්‍රීවරු විදියට ඒ වෙනස වෙනුවෙන් ඉදිරියටත් වැඩකරනවා.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka