ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කළ නිලධාරීන්ගේ ඉල්ලීම මත මිග් ගනුදෙනුවේ මුදල් තැන්පත් කර ඇතැයි සැක කරමින් වසර අටක් තිස්සේ සිය බැංකු ගිණුම් අත්හිටුවා තිබීමෙන් තමන් මහත් ආර්ථික අපහසුතාවයට පත්ව ඇතැයිද තමාගේ අත්හිටුවා ඇති සිය බැංකු ගිණුම් දෙකක මුදල් තමන් වෙත මුදාහරින්නැයිද, රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග විශේෂ මෝසමක් ගොනු කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්තගෙන් පෙරේදා (12) ඉල්ලා තිබේ.
ශ්‍රි ලංකා රජය මිග් ගනුදෙනුවට අත්සන් කිරීමට පෙර කොමර්ෂල් බැංකුවේ තමන්ගේ ගිණුමේ තැන්පත් කොට තිබු මුදල් මෙන්ම තමන් තානාපතිධුරය දැරූ වසර 09කට ආසන්න කාලයේදී වැටුප් වශයෙන් ලැබුණු මුදල් තැන්පත් කොට ඇති සිය බැංකු ගිණුම් දෙකකට පනවා ඇති තහනම් ඉවත් කරන්නැයි ජනාධධිපති නීතීඥ අනිල් සිල්වා මාර්ගයෙන් උදයංග වීරතුංග වැඩිදුරටත් සිය මෝසමෙන් ඉල්ලා ඇත.
උදයංග වීරතුංග වෙනුවෙන් ඉදිරිපත් කළ විශේෂ මෝසමකට අනුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත හමුවේ නඩුව කැඳවු අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා උදයංග වීරතුංගගේ දිවුරුම් පෙත්සමක්ද අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු ඉදිරිපත් කර තිබේ.
උදයංග වීරතුංග වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා කරුණු දක්වමින් තම සේවාදායකයා වසර නමයක කාලයක් රුසියාවේ තානාපතිවරයා වශයෙන් කටයුතු කළ බවත් එහිදී තමන්ට ලැබුණු තානාපති වැටුප බැර කළ බැංකු ගැනීමේ මුදල් සහ මිග් ගනුදෙනුව සිදු වු 2006 වසරට පෙර තමන්ට ලැබුණු මුදල් බැංකු ගිණුම්වල තැන්පත් කොට ඇතැයිද සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කළ බවට මාධ්‍යවේදී ඉක්බාල් අතාස් 2015 වසරේදී දුෂණ විරෝධි කමිටුවට පැමිණිලි කර ඇතැයිද ඒ සම්බන්ධයෙන් විමර්ශන කළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය 2015 මාර්තු 26 වැනිදා ගොනු කළ පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කළ කොටුව මහේස්ත්‍රාත්වරයා සිය සේවාදායකයාගේ බැංකු ගිණුම් ඒකපාර්ශිකව අත්හිටුවා ඇතැයිද ජනාධිපති නීතිඥ අනිල් සිල්වා ප්‍රකාශ කර තිබේ. මහබැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂකවරයා අදාළ ගිණුම් අක්‍රීය කළ කාලසීමාව ලබන 14 වැනිදා දක්වා දීර්ඝ කර ඇතැයිද නීතීඥ අනිල් සිල්වා කියා සිටී.
වසර 17කට පෙර සිදු වූ මිග් ගනුදෙනුවක් පිළබඳව චෝදනා කරමින් පුරා වසර 08කට වැඩිකාලයක් තිස්සේ මෙලෙස ඒකපාර්ශිකව බැංකු ගිණුම් අත්හිටුවා තිබීම බලවත් අසාධාරණයක් යැයිද තම සේවාදායකයා පවුලේ එකම ආදායම් උපයන්නා බවත් මෙලෙස ඒකපාර්ශවිකව බැංකු ගිණුම් අක්‍රියකිරීමෙන් ඔහුගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපනයේ අඟහිඟකම් මතු වී ඇතැයිද සඳහන් කරන අනිල් සිල්වා මින් තම සේවාදායකයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය ඇතැයිද කියා තිබේ.