පසුගිය මාස 12ක කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් නියමුවන් 60කට ආසන්න පිරිසක් ඉවත් ව ගොස් ඇති අතර එම ගුවන් සමාගම මේ වන විට ගුවන් නියමුවන් බඳවා ගැනීමට කටයුතු කරමින් සිටිනවා.
ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වන විට මුහුණ පා සිටින ගුවන් නියමු හිඟයට පිළියම් වශයෙන් අවශ්‍ය නම්, විදේශීය ගුවන් නියමුවන් බඳවා ගැනීමට දැනටමත් රජයේ අනුමැතිය ලබාගෙන ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටාල් මහතා පවසනවා.
මෙරට පාඩු ලබන ආයතනයක් ලෙස නම් දරා සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙම අර්බුදයට මුහුණ දුන්නේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයේ ගැඹුරින් ම කිමිදෙමින් සිටින කාලයක වන අතර එහි දී ශ්‍රී ලංකන්හි සැලකිය යුතු ගුවන් නියමුවන් පිරිසක් ඉවත් ව ගොස් තිබුණා.
මෙම ගුවන් නියමුවන්ට ඉවත් ව යෑමට බලපෑම් කෙරූ ප්‍රධාන සාධයක් ලෙස, ශ්‍රී ලංකාව සිය ස්වෛරී ණය ගෙවීම් පැහැර හැරීම වැනි අර්බුද තත්ත්වය තුළ දී ඊට පිළියම් ලෙස ක්‍රියාත්මක කළ වැටුප් මත බදු පැනවීමේ ප්‍රතිපත්තිමය තීරණය ගත හැකි අතර, ගුවන් නියමුවන් වැනි ඉහළ වැටුප්ලාභීන් එහි දී දැඩි බදු කරණයකට යටත් වුණා.
මෙවන් තත්ත්වයක් යටතේ දැඩි ගුවන් නියමු හිඟයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකන් සමාගමට මේ වසර අවසන් වීමට ප්‍රථම අවම වශයෙන් ගුවන් නියමුවන් 30ක් වත් ගෙන්වා ගැනීමට සිදු වන අතර ලබන වසරේ මැද වන විට එය 50ක් තරම් වැඩි කරවා ගත යුතු බවයි එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා පවසන්නේ.
ඒ අනුව අග්නිදිග ආසියාවේ සහ උතුරු යුරෝපයේ ගුවන් නියමුවන් සංචිතයක් පැවතීමේ වාසිය තම සමාගම වෙත හරවා ගැනීමට මාන බලන ශ්‍රී ලංකන්, රජය විසින් ලබා දී ඇති අනුමැතිය ඒ සඳහා යෙදවීමට කටයුතු කරමින් සිටිනවා.
කෙසේ නමුත් ශ්‍රී ලංකන් වෙත නව ගුවන් නියමුවන් බඳවා ගැනීමේ දී ඔවුන්ට ගෙවන වැටුප් පැකේජය දේශීය ගුවන් නියමුවන්ගේ පැකේජයට සමාන වන බව ශ්‍රී ලංකන්හි ප්‍රධාන විධායක නිලධාරියා පැවසුවත්, එම නියමුවන්ට ජාත්‍යන්තර ප්‍රමිතියේ නිවාස සැපයීමක් කළ යුතු වන බැවින්, ඒ සඳහා වෙන් කෙරෙන දීමනා සම්බන්ධයෙන් අදහස් දක්වා නැහැ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම දැනට රටවල් 58ක් පුරා ගමනාන්ත 112ක පැතිරුණු විශාල ජාලයක් ක්‍රියාත්මක කරන අතර ගුවන් යානා 23 කින් සමන්විත ගුවන් සේවයක්.
මේ වන විට එහි ගුවන් යානා තුනක් එන්ජින් අලුත්වැඩියාව සඳහා තාවකාලිකව නවතා ඇති අතර ගුවන් යානා සමූහයේ සියලු ම ගුවන් යානා බදු දී තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ සිටින නියමු කාර්ය මණ්ඩලයට අනුව, කපිතාන්වරුන් 143 දෙනෙකු, පළමු පෙළ නිලධාරීන් 53 දෙනෙකු සහ කනිෂ්ඨ පළමු නිලධාරීන් 26 දෙනෙකුගෙන් සමන්විත යි.
මීට අමතරව, ගුවන් සේවය සිය අනාගත කුසලතා සංචිතය සක්‍රීයව පෝෂණය කරමින් සිටින අතර කැඩෙට් නියමුවන් 14 දෙනෙකු සංවිධානය තුළ පුහුණුව ලබමින් සිටිනවා.