gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරියගේ අමනෝඥ තීරණයක්! පුරාවිද්‍යා ස්ථානයක් ලෙස ගැසට් කර ඇති, සියවස් තුනහමාරක් පැරැණි ඕලන්ද ගබඩාව කඩා දමයි!

පුරාවිද්‍යාව අධ්‍යක්ෂ ජනරාල්වරයා සතු උත්තරීතර වගකීම පිළිබඳ මෙළෝ හසරක් නොමැතිව දේශපාලන අභිලාෂයන් මත පමණක් එම තනතුරේ වැඩ බැලීමට පත්කරන ලද වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රදීපා සේරසිංහගේ පුද්ගලික අභිලාෂය මත වරාය පරිශ්‍රයේ තිබූ ඕලන්ද යුගයට අයත් වසර 350ක් පැරණි ගැසට් කරනු ලැබූ පුරාවිද්‍යා ස්මාරකයක්වන පෞරාණික ඕලන්ද බඩු ගබඩාව මේ වනවිට කඩාදමමින් විනාශ කරන බව සංවේගයෙන් ලියා දන්වමු.

මෙම ගොඩනැගිල්ල සංරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් කර ප්‍රකාශයට පත්කරන්නේ වර්ෂ 1999.06.18 දිනය.


එය ස්මාරක අංක 1085 ලෙස නම් කර තිබිණි. මේ පෞරාණික ගොඩනැගිල්ල විනාශ කිරීම සඳහා ප්‍රදීපා සේරසිංහ වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් මාර්ග සංවර්ධන අධිකාරියට අවසර ලබාදෙන්නේ පළාත් පුරාවිද්‍යා කාර්යාලයේ පුරාවිද්‍යා නිලධාරින්ගේ බරපතල විරෝධතාවය නොසලකා වීම සැලකිය යුුතුව තිබේ.


එමෙන්ම මෙම ගොඩනැගිල්ල විනාශ කිරීම පිළිබඳ එහි වගකීම දරන බස්නාහිර පළාත් පුරාවිද්‍යා කාර්යාලයට දැනුම් දීමට තරම්වත් ඇය සදාචාර සම්පන්න වී නැත.


සංරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකයක් අනීතිකව විනාශ කිරීම අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වුවද රටේ නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් ඇය මේ අපරාධය කරන්නේ  රැකගත හැකි පුරාවිද්‍යා ස්මාරකයක් විනාශ කළ ලංකා ඉතිහාසයේ පළමු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙසය.


ප්‍රදීපා සේරසිංහ මේ කටයුතු සිදුවන්නේ සංස්කෘතික ඇමති විදුර වික්‍රමනායක ජාතික උරුම සංරක්ෂණය සම්බන්ධව ලොරි ටෝක් දෙමින් හතර අතේ ඇවිදින වකවානුවක ඔහුගේ නරිවාදම් රෙදි පල්ලෙන් බේරෙන්නට හැරවීමත් රටේ අවධානයට යොමුවී තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යභාරය සම්බන්ධ මෙළෝ හරසක් නැති, නිලධාරීන් සමග ශාස්ත්‍රීය ගනුදෙනුවක් කිරීමට පරිචයක් නැති ප්‍රදීපා සේරසිංහ නැමැති මෙම කාන්තාව වැඩ ආවරණය කිරීමට දේශපාලන පත්වීමක් ලෙස පත්කෙරෙන්නේ පසුගිය දා හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවය.


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැනි වෙනම නීති රාමුවකින් ආවරණය වන ආයතනයක, අප වැනි රටක ජාතියේ සමස්ථ හරය රූපණය කිරීමේ වගකීම සහිත ආයතනයක ප්‍රධානියා වීම එම ආයතනය තුළින්ම ලද ශාස්ත්‍රීය හා ප්‍රායෝගික ශික්ෂණය මත සිදුවිය යුතු විය. ආචාර්ය සෙනරත් දිසානායක එම තනතුරේ වගකීම ආවරණය කරන වකවානුව දක්වා ඒ හැඩය පැවතිනි.

එහෙත් ඉතිහාසයේ මුල්ම වරට දේශපාලන පත්වීමක් ලෙස මහින්ද රාජපක්ෂ හිටපු අගමැති – සංස්කෘතික ඇමතිගේ අභිලාශය මත මහාචාර්ය අනුර මනතුංග දේශපාලන පත්වීමක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පත්කරනු ලැබුවේය.

ඒ වනවිට එම ධූරය දැරීමට සුදුසුකම් සැපිරූ විද්වත් වෘත්තිකයන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුළ සිටිද්දී පිටින් ගෙනත් බැස්සවූ ආචාර්ය අනුර මනතුංග තමන් දරන ධූරය දැරීමට වෘත්තීය පෞරුෂයක් නැති බව රටටම පෙන්වා එම තනතුරින් ඉල්ලා අස්වූ පසු එහි වැඩ ආවරණය කරන්නට ආණ්ඩුව පත්කරන දේශපාලන පත්කිරීම ප්‍රදීපා සේරසිංහය.

මේ ගර්හිත දේශපාලනයේ රූකඩ විගඩමක් බවට පත්වී ඇති වත්මන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය සිදුකිරීමට යන මෙම අපරාධය සම්බන්ධව පුරාවිද්‍යා නිලධාරීන් විසින් බලධාරින් මෙන්ම දේශපාලන පක්ෂ ද දැනුම්වත් කළත් මේ වනවිට සිදුවන ව්‍යසනය සිදුවී හමාරව ඇත.

lankasara


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka