gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

තිලීපන් සැමරුමට පොලිසිය ඉල්ලු තහනම වව්නියාව අධිකරණය ප්‍රතික්ෂේප කරයි

වව්නියාව නගරයේ තිලීපන් සැමරුම් තහනම් කරන්නැයි ඉල්ලා වව්නියාව අධිකරණයෙන් ඉල්ලන ලද තහනම් නියෝගය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කොට ඇතැයි වාර්ථා වෙයි.

අද (20) දිනයේදී එල.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායකයෙකු වූ තිලීපන් නැමත්තාගේ 36 වන ගුණ සැමරුම වෙනුවෙන් රථ පෙලපාලියක්ද වව්නියාව නගරයට පැමිණෙන බවටත් එහිදී තිලීපන් සැමරුම් හේතුවෙන් මහජන සාමයට බාධාවන බව පවසා වව්නියාව පොලීසිය විසින් වව්නියාව අධිකරණයෙන් තහනම් නියෝගයක් ඉල්ලූ අවස්ථාවේදී වව්නියාව අධිකරණය විසින් තහනම් නියෝගය නොපැනවීමට පියවර ගෙන ඇත.

එහිදී වව්නියාව අධිකරණය විසින් නියෝග කොට ඇත්තේ මිය ගිය අය සිහිකිරීමට ඕනෑම අයෙකුට අයිතියක් පවතින බවටත් මහජන සාමය කඩවන අයුරින් යමෙක් කටයුතු කරන්නේ නම් එම අය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසටද මියගිය අය වෙනුවෙන් සැමරීම් සිදුකරන අයට බාධාවක් නොවීමටද කටයුතු කරන ලෙසටත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka