gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘පුළුවන් නම් අස් කරන්න’ කී දුම්රිය රියැදුරෝ වර්ජනය අත්හරිති!

දින දෙකක් තිස්සේ වැඩවර්ජනයක නියැලුණු දුම්රිය බලවේග කට්ටල රියැදුරෝ සිය වර්ජනය අවසන් කළ බව ඊයේ (සැප්. 13) රාත්‍රියේ නිවේදනය කළහ.

අද (සැප්. 14) සිට ඔවුන් සිය රාජකාරි ආරම්භ කරන බව වෘත්තීය සමිති ප්‍රකාශකයෙක් ‘මව්බිම’ට පැවසීය.

වැඩ වර්ජනයේ නිරත දුම්රිය රියැදුරන්ට වහා ම සේවයට වාර්තා නොකරන්නේ නම් ඔවුන් සේවය හැර ගියා සේ සලකන බවට නිවේදනයක් දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ නිකුත් කළ ද යම් හෙයකින් තම සාමාජිකයෙකුට සේවය හැරගියා සේ දන්වමින් ලිපියක් ලැබුණහොත් ඉදිරියේ ගනු ලබන තීරණය මීට වඩා වෙනස් මුහුණුවරක් ගත හැකි බැවින් හැකි නම් ඉවත් කරන ලෙස දුම්රිය රියැදුරු සංගමය පැවසීය.

ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය ප්‍රකාරව දුම්රිය දෙපාර්තමේන්තුව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළ පසුබිමක දැනුම් දීම නොතකා සේවයට වාර්තා නොකරන රියැදුරන් සම්බන්ධයෙන් කඩිනම් තීරණයක් ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේ ය.

වර්ජකයන් සමග කිසිදු සාකච්ඡාවක් පැවැත්වීමට දුම්රිය දෙපාර්තමේන්තුව සූදානම් නොමැති බව එහි නියෝජ්‍ය සමාන්‍යාධිකාරි එන්.ජේ. ඉදිපොළගේ ‘මව්බිම‘ට පැවසීය.

වැඩ වර්ජනයක් කිරීමට පෙර සාකච්ඡාවක් දීමට සියලු කටයුතු සූදානම් කර තිබූ නමුත් ඔවුන් එය ප්‍රතික්ෂේප කර වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙන් තවදුරටත් සාකච්ඡාවක වුවමනාවක් නොමැති බව ද හෙතෙම කීය.

සාකච්ඡාවකින් තොරව වැඩවර්ජනයක් කිරීමේ ඔවුන්ගේ අරමුණු සාර්ථක වී ඇති බවත් එම වැඩ වර්ජනය නතර කිරීමේ කිසිදු වුවමනාවක් ඔවුන්ගෙන් නොපෙනෙන බවත් ඔහු සඳහන් කළේ ය.

අගමැතිවරයාගේ ප්‍රමුඛත්වයෙන් පවත්වනු ලබන රජයේ ආයතන පිළිබඳ කැබිනට් අනුකාරක සභාව සඳහා අදාළ වෘත්තීය සමිතිය පැමිණෙන්නේ නම් වර්ජනය නතර කර පැමිණිය යුතු යැයි දන්වා තිබුණු බවත් වර්ජනය කරන කිසිවෙකු රැස්වීම සඳහා සහභාගි කරවා නොගැනීමට තීරණය කළ බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.

මේ අතර, දුම්රිය රියැදුරන් ක්‍රියාත්මක කරන වර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ත් වර්ජනය පිළිබඳව හෝ ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කිරීමට කිසිදු පාර්ශ්වයක් ආරාධනා කර නොමැති බව ත් දුම්රිය රියැදුරු සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම්. සේනානායක ඊයේ ‘මව්බිම’ට පැවසීය.

වර්ජනය අවසන් කිරීමට දුම්රිය පාලනාධිකාරියට හෝ ප්‍රවාහන අමාත්‍යවරයාට කිසිදු වුවමනාවක් නොමැති බව ත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති පරිදි සේවයට වාර්තා කිරීමේ කිසිදු ලිපියක් තම සංගමයේ සාමාජිකයන්ට ලැබී නොමැති බව ත් හෙතෙම කීය.

මේ වන විටත් සේවයේ නියුතු සමස්ත රියැදුරන් ගණන 289ක් වුවත් පුරප්පාඩු පමණක් 200කට ආසන්න සංඛ්‍යාවක් තිබෙන පසුබිමක රියැදුරන් 84 දෙනකු ඉවත් කිරීම දැවැන්ත අර්බුදයක් බව ද ඔහු පැවසීය.

වෘත්තීය සමිති ඉල්ලා සිටින ඉල්ලීම් වෙනුවට සේවයේ නියුතු රියැදුරන්ගෙන් 84 දෙනෙකු ඉවත් කිරීම ප්‍රවාහන ඇමතිවරයාගේ හා දුම්රිය බලධාරීන්ගේ අරමුණ නම් එය දරුණු තීරණයක් බවත් වෘත්තීය සමිතියක් ලෙස ඒ සඳහා මුහුණ දෙන බව ත් ඔහු සඳහන් කළේ ය.

අනතුරෙන් මරණයට පත්වූ ගම්පහ තරුණයාගේ වටිනාකම රුපියල් ලක්ෂ 5ක් යැයි අමාත්‍යංශය තීරණය කිරීම පිළිබඳව කනගාටු වන බව ත් පාලකයන් ජනතාවගේ වටිනාකම මුදලින් තීරණය කිරීම බරපතළ තත්ත්වයක් බව ත් හෙතෙම කීය.

මෙතෙක් වෘත්තීය ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ, කොළඹ පිහිටි දුම්රිය ධාවනාගාර පහෙන් මරදාන සහ දෙමටගොඩ ධාවනාගාර දෙකක රියැදුරන් පමණක් බව ත් නිසි විසඳුමක් නොදීමට බලධාරීන් තීරණය කරන්නේ නම් මේ සඳහා ධාවනාගාර පහේ ම රියැදුරන් එකතු විය හැකි බව ත් ඔහු වැඩිදුරට ත් පැවසුවේය.

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් පෙරේදා (සැප්. 12) නිකුත් කර තිබුණ ද දුම්රිය වර්ජන කිසිදු වෙනසකින් තොරව සිදු කිරීමට වෘත්තීය සමිති පියවර ගෙන තිබිණි.

දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන සේවාවන් සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බව සහ එකී සේවාවට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් කර ඇති පසුබිමක වුවත් ඊයේ (සැප්. 13) දිනයේ දුම්රිය ගමන් වාර 100ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka