gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අත්අඩංගුවට ගත් ගණේමුල්ලේ සංජීව රහස් පොලිසියට! ප්‍රශ්න කිරීම්වලදී රහස් රැසක්!

අත්අඩංගුවට ගැනුණු සංජීව කුමාර නොහොත් ගණේමුල්ලේ සංජීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන ඔහු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදීයී.

නේපාලයේ කත්මණ්ඩු නුවර සිට මෙම සැකකරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදාගනිමින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදීයි අත්අඩංගුවට ගෙන තිබුණේ.

සේනාධීරගේ කරුණාරත්න යන නමින් පැමිණි සැකකරු සම්බන්ධයෙන් සැක සිතූ කටුනායක ගුවන්තොටුපොළේ ආගමන විගමන නිලධාරීන් ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම් සිදුකර ඇති බව සඳහන්.

එහිදී සැකකරු ගණේමුල්ලේ සංජීව බවට තහවුරු කරගෙන ඇති අතර සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

මේ වනවිට ඔහුගෙන් ප්‍රශ්න කෙරෙන අතර, එහිදී ඔහුගෙන් කරුණු රැසක් අනාවරණ කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka