gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරයෙන් පසු ගෝඨාභය ජනාධිපති වෙන බව සහරාන් දන්නෙ නෑ - සුනිල් හදුන්නෙත්ති

පාස්කු ප්‍රහාරයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපති වන බව සහරාන්ලා දන්නවා නම් සහරාන්ලා මැරෙන්නේ ගෝඨාභය රාජපක්ෂව බදාගෙන බව ජාතික ජන බලවේගයේ පා.ම සුනිල් හදුන්නෙත්ති මහතා පැවසිය.

සුනිල් හදුන්නෙත්ති මහතා ඒ බැව් කියා සිටියේ EPF/ETF ජනතා අරමුදල් මංකොල්ල කමින් , මුල්‍ය ආයතන අවධානමේ දමමින් , ජාතික සම්පත් වෙන්දේසි කරමින් , ජනතාවට තවදුරටත් අර්බුධයක ගිල්වා තබන ආණ්ඩුවේ සැලැස්ම යන මැයෙන් ගිනිගත්හේන සමුපකාර රැස්විම් ශාලාවේ පැවති සම්මන්ත්‍රණය අමතමණි.

මෙම සම්මන්ත්‍රණයේදි අදහස් දැක් වු සුනිල් හදුන්නෙත්ති මහතා වැඩිදුරටත් කියා සිටියේ නාමල් රාජපක්ෂයට ජනතාවගේ ප්‍රශ්න ගැටළුවක් නැ , සජිත් ප්‍රේමදාසට ප්‍රශ්නයක් නැ , පාර්ලිමේන්තුවේ ඉන්න අපේ ජාතික ජන බලවේගයේ තුන්දෙනාට ඇරෙන්න කාටවත් ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ප්‍රශ්න නැ.

මෛත්‍රිපාල බලන්නකෝ රුපවාහිනියට ආවම දෙන ජොක්ස් , එයලගේ පක්ෂ ගැටළු ගැන තමයි කතා කරන්නේ , රටේ ආර්ථිකය , ආහාර ගැටළු , ඖෂධ ගැටළු ඒවා ගැන කතා කරන්නේ නැ.

මේ දවස් වල චැනල් ෆෝ එක ගෙනල්ලා අනිත් චැනල් වහලා , බඩු මිල චැනල් නැ , ඉන්ධන චැනල් නැ , බස් ගාස්තු චැනල් නැ , මිනිස්සුන්ගේ ගැටළු ගැන කතා කරන්නේ නැ , වෘත්තිකයෝ රට දලා යන එක ගැන කතා කරන්නේ නැ.

චැනල් ෆෝ අල්ලගෙන දේශපාලන වශයෙන් එල්ලෙනවා , නාමල් රාජපක්ෂලාට එහෙම ඒවට හොද පිලිතුරු තියෙනවා , ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන්න කවුරු හරි මාරාගෙන මැරෙයිද අහනවා.

ඒ මැරුණ වුන් දන්නවා නම් වුන් මැරුණු එකෙන් ගෝඨාභය රාජපක්ෂ බලයට ආවා කියලා , වුන් තනියම මැරෙන්නේ නැ මැරෙන්නේ ගෝඨාභය රාජපක්ෂ බදාගෙන.

එහෙනම් රටට සෙතකුත් කරලා මැරෙන්නේ , ඒවා තමයි දේශපාලන උපක්‍රම කියන්නේ, දේශපාලන ගේම් , දේශපාලන ගේම් ගහලා පුරාජේරුත් කියනවා.

එහෙම ජරා රටක් දැන් මේක , බලයට එන්න ජාති භේද ඇති කරලා , මජර දේශපාලනය භාවිතා කරලා , අඩුතරමේ ඒවා ගැන කිසිම කණගාටුවක් නැ , ලැජ්ජාවක් නැ , හෘද සාක්ෂියක් නැ , ඒවා දිහා බලාගෙන හිනා වෙවි බලයේ ඉන්නවා අපුරුවට.

නවත්වන්න ඕනි නැද්ද මේ රට යන විදිහ , ඉස්සෙල්ලම මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕනි යනුවෙන් පැවසිය.

– රංජිත් රාජපක්ෂ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka