gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මේක මගේ සේවාදායකයාට වුණ අසාධාරණයක්.... ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍ර නඩුව ගැන ඇහෙන අලුත්ම කතාව මෙන්න

ඇතුළේ සෑම පුරවැසියෙකුටම නිදහසේ ජීවත් වෙන්න හැකියාවක් තියෙන්න ඕන..

ඒත් එක්කම රටක විනයක්, හික්මීමක් තියෙන්න නම් රටක නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕන...

සමහර වෙලාවට රටේ ප්‍රබල චරිත විටින් විට කතා බහට ලක් වෙනවා... මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ ඇහෙන කතාවක් ගැන...

රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට අසත්‍ය තොරතුරු ඇතුළත් අයැදුම් පත්‍රයක් ආගමන විගමන පාලකවරයා වෙත යොමු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශට එරෙහි නඩු විභාගය ඊයේ යළි කැඳවනු ලැබුවා....

විත්තියේ නීතිඥවරයා අසනීප බව අධිකරණයට දැනුම් දුන්නද එය නොසලකා නඩුව බලෙන් විමසීමට ලක් කිරීමෙන් ජනාධිපති නීතිඥවරයකුට සාධාරණය ඉටු නොවූ අධිකරණයෙන් සිය සේවාදායිකාවටද සාධාරණ ඉටු නොවන බව හැඟුණ බැවින් නඩුව මෙම අධිකරණයේ ඇසීමට එරෙහිව ඉහළ අධිකරණයකින් නියෝගයක් ලබාගත් බව ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වෙත ඊයේ දැනුම් දී තිබෙනවා...


ඉහළ අධිකරණයේ නියෝගය තමන් වෙත ලැබී ඇති බැවින් නඩුව අංක 2 අධිකරණය වෙත යොමු කිරීමට මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා....

ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ නඩුව යළි කැඳවූ අතර නඩුව සඳහා මූලික විරෝධයක් ගෙන ඒමට ඉදිරියේ දී කටයුතු කරන බව විත්තිය අධිකරණය හමුවේ දන්වා සිටියේය. අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය නඩුව යළි කැඳවීම ඔක්තෝබර් 13 වැනි දිනට කල් තැබුවා...

2010 වසරේ දෙසැම්බර් මස 10 වැනි දින හෝ ඊට ආසන්න දිනක රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා සිය උපන්දිනය ඇතුළු අසත්‍ය තොරතුරු ඇතුළත් අයැදුම්පත්‍රයක් ආගමන විගමන පාලකවරයා වෙත යොමු කරමින්, ආගමන විගමන පනත යටතට ගැනෙන වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිය වන ශෂී වීරවංශට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුව අධිකරණය හමුවේ ගොනු කර තිබුණා....


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka